මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන මහතා විසින් රචිත ”දේශ බන්දු – වධක රාජ්‍යයක යුනිෆෝම් දෝංකාරය” කෘතිය දොරට වැඩුම අද (29) දිනයේ සිදු කිරිමට නියමිතයි.
පොත එළිදැක්විම අද සවස 2.00ට මහවැලි කේන්ද්‍රයේදි පැවැත්වෙනවා.
මෑත ඉතිහාසයේ සිදුවු ආන්දෝලනාත්මක සිදුවිම් හා දේශබන්දු තෙන්නකෝන් අතර ඇති සම්බන්ධතාවයන් අලලා මෙම කෘතිය රචනා කර තිබෙනවා.
එහිදි ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා ,වෘත්තිය සමිති නායක ජෝසප් ස්ටාලින් මහතා,සමාජ ක්‍රියාකාරිනි මෙලනි ගුණතිලක මෙනවිය,නීතිඥ සුරේන් ඩි පෙරේරා මහතා ,පාර්ලිමේන්තු මන්ත්‍රි එරංග ගුණසේකර මහතා යන අය විසින් මෙහිදි අදහස් දැක්විමක්ද සිදු කරනු ඇති.
