‘ටයිම් අවුට්’ සඟරාව අනුව ඔක්තෝබර් යන්න හොද රට

ලොව හොඳම සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරිපත්කරන සඟරාවක් වන බ්‍රිතාත්‍යයේ ‘ටයිම් අවුට්’ නිකුත්කළ නවතම අනාවරණයට අනුව ඔක්තෝබර් මාසයේ සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ උණුසුම් නිවර්තන දේශගුණය, සංස්කෘතික උරුමයන් සහ ස්වාභාවික භූ දර්ශන මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙන බව සඳහන් වනවා.

තවද එම සඟරාව දිවයින වටා ඇති ආකර්ශණීය වෙරළ තීරයන් සහ කඳු නැගීම සිට පෞරාණික නටබුන් සහ වනජීවී සෆාරි යනාදියද ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස තෝරාගැනීමට හේතු වී ඇත.

ටයිම් අවුට් සංචාරක සඟරාවට අනුව මෙම ශ්‍රේණිගතකිරීමට සෘතුමය චමත්කාරය, සංස්කෘතික සිදුවීම් සහ ඔක්තෝබර් මාසයේදී විශේෂයෙන් භුක්ති විඳිය හැකි අත්දැකීම් යනාදිය පදනම්කරගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය තුර්කියටද, අමෙරිකාවේ නිව් මෙක්සිකෝ තෙවන ස්ථානයේ සිටිනවා.

අනෙකුත් ගමනාන්ත වන්නේ ස්පාඤ්ඤයේ වැලෙන්සියා, අමෙරිකාවේ නිව්යෝර්ක්, පිලිපීනය, භූතානය, බොස්නියාව සහ හර්සගොවිනා, රුමේනියාවේ ටිමිසෝරා, අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ සහ නැමීබියාවයි.

Author

Related Posts