මේ වන විට ක්‍රීඩා ක්ෂේත්‍රයන්හි සුවිශේෂී දක්ෂතා දක්වා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඉදිරියේ දී ඔලිම්පික් බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගෙන ඔවුන්ට අවශ්‍ය මූල්‍ය සහ අනෙකුත් පහසුකම් ලබා දීම සඳහා ‘ඔලිම්පික් මෙහෙයුම – Mission Olympics 2028-Journey to the Rings’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබෙනවා.
එම වැඩසහන මඟින් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගැනීමට හා ඔලිම්පික් ක්‍රීඩාවලදී පදක්කම් ලබා ගැනීමට හැකියාව සහ දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන, ඔවුන් දීර්ඝකාලීනව විධිමත් දේශීය හා විදේශීය විශේෂඥ පුහුණුවකට යොමු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, ඵවැනි ක්‍රීඩික ක්‍රීඩිකාවන් සමඟ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලිය දක්වා ගිවිසුම්ගත වී, පුහුණුවීම් සඳහා අවශ්‍ය මූල්‍ය හා වෙනත් අනුග්‍රහයන් සලසා දීමට හැකි වන පරිදි ‘ඔලිම්පික් මෙහෙයුම’ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිසයි මෙම සැලසුම සංවිධානය කර ඇත්තේ.
කෙසේ නමුත්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය අනුමත කරනු ලැබ තිබෙනවා.
