ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඒ තම පෞද්ගලික හේතුවක් මත බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
2025 පෙබරවාරි 14 දිනැති ලිපියක් මගින් 2025–2028 කාල සීමාව සඳහා රොෂාන් මහානාම මෙම ක්‍රීඩා කවුන්සිලය සඳහා පත් කරන ලද අතර, ඔහු 2025 පෙබරවාරි 20 වන දින නිල වශයෙන් එම තනතුරෙහි වැඩ බාරගනු ලැබුවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රමුඛ පෙළේ පිතිකරුවෙකු වශයෙන් ජනප්‍රියව සිටි රොෂාන් මහානාම හිටපු ICC තරඟ තීරකයෙකු ද වූ අතර, මීට පෙර 2021 වර්ෂයේ දී ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරනු ලැබුවා.
