රතන හිමි නුගේගොඩ අධිකරණයට වැඩලා

අතුරලියේ රතන හිමි අද (29) පෙරවරුවේ නුගේගොඩ ම‍හේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.

අගොස්තු මස 18වනදා අතුරලියේ රතන හිමියන් ට අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

ඒ 2020 වසරේ මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට අදාළව එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගත් බවට රතන හිමිට චෝදනා එල්ලවී තිබෙනවා.

මෙම සිදුවිම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව රතන හිමි විසින් අධිකරණය මඟහරිමින් සිටින බව කොළඔ අපරාධ කොට්ඨාශය කල දැනුම්දිමකට අනුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් පසුගිය18වනදා වරෙන්තු නිකුත් කළා.

එම විමර්ශනවලට අදාළව රතන හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය උන්වහන්සේ වැඩසිටි රාජගිරිය සඳහම් සෙවණට ගියද උන්වහන්සේ එහි නොසිටි බවත් දුරකථනයද විසන්ධි කර ඇති බවත් එම කොට්ඨාසය මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා.

ඒ අනුවයි රතන හිමි අද මෙලෙස උසාවියට භාර වි තිබෙන්නේ.

Author

Related Posts