කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍යට තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම විනය පරීක්ෂණය සිදු කරන බවයි.
ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස වෛද්‍ය බෙල්ලන මහතාට මාධ්‍ය වෙත එවැනි නිවේදන නිකුත් කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත් ඔහු ඉදිරිපත් කරන සමහර තොරතුරු සාවද්‍ය බවත් වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.
වෛද්‍ය බෙල්ලන මහතාගේ දේශපාලන සම්බන්ධතා පිළිබඳවද අදහස් දැක්වූ හංසක විජේමුණි මහතා කියා සිටියේ එවැනි පදනම් මත රාජ්‍ය නිලධාරියෙකු ලෙස රුක්ෂාන් බෙල්ලන මහතාගේ සමහර ක්‍රියාකලාපයන් නොගැළපෙන බවත් ඔහුගේ හැසිරීම වෛද්‍ය ආචාරධර්ම හා නීතිවලට පටහැනි බවයි.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හංසක විජේමුණි මහතා :
“ රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්වය ගැන ප්‍රකාශ නිකුත් කරලා තිබුණා නියෝජ්‍ය අධ්යක්ෂකවරෙයෙක් ජාතික රෝහලේ. ඔහුට එහෙම නිවේදන නිකුත් කිරීම්වල කිසිම අයිතියක් නැහැ. ඒ කියන්නේ, එයාගේ සෙක්ෂන් එකේ නෙවෙයි රනිල් වික්‍රමසිංහ මහතා ඇඩ්මිට් වෙලා හිටියේ. අපිට රෝගියෙක් ආවම ඒ හැම රෝගීයම අපිට රෝගියෙක්. අපි කරන්න පුළුවන් උපරිම දේ කරනවා, සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට. නමුත් ජාතික රෝහලේ ඔය පුද්ගලයා කරන්නේ, එයාට අයිති නැති ජොබ් එකක් තමයි කරලා තියෙන්නේ. ඒකට අනිවාර්යයෙන් පරීක්ෂණයක් කරන්න ඕනේ .ඒක එයාට අයිති නැති එකක්.අනිත් එක රෝගියෙක්ගේ තොරතුරු ඔහු කුමන තරාතිරමක කෙනෙක් වුණත් එහෙම ජනමාධ්‍යට දීමට කිසිඳු අයිතියක් නියෝජ්‍ය අධ්යක්ෂකවරයෙක්ට නැහැ.
එයාට එහෙම කියන්න බැහැ රනිල් වික්‍රමසිංහ මහතාට අධිකරණයට එන්න බැහැ කියන එක. මන් දන්න විදිහට එක්සත් ජාතික පක්ෂයේ මොකක් හරි සාමාජිකයෙක් හරි එහෙම නැත්නම් සංවිධායකයෙක් කියලා හරි ඉස්සර ෆොටෝ තිබුණා. නමුත් එහෙමනම් ඔහුට ඇත්තටම රජයේ නිලධාරියෙක් විදිහට ඉන්නත් බැහැ. මොකද දේශපාලන හිමිකම අහිමි නිලධාරින් අපි රජයේ නිලධාරින් විදිහට ඉන්න අය. ඔහුට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් සමහර ඔහුගේ ක්‍රියාකලාප ගැළපෙන්නේ නැහැ. ඒක නීත්‍යානුකූලත් නැහැ. සදාචාරාත්මකත් නැහැ.
