දේශපාලුවන්ගෙන් පිරුණු අධිකරණ ශාලාව මාධ්‍යවේදි ෆසිර්ට තහනම්

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුකටයුත්ත වාර්තා කිරිමට සඳහා මාධ්‍යවේදි ෆසිර් මොහොමඩ් මහතා හට අද(26) දිනයේ අධිකරණට ඇතුල් විමට ඉඩ ලබා දි තිබුණේ නැහැ.

දේශපාලඥයින්ගෙන් අධිකරණ භූමිය පිරි යද්දි වසර 13ක් අධිකරණ වාර්තාකරණයේ නිරත වු මාධ්‍යවේදි ෆසිර් මොහොමඩ් හිටපු ජනපති රනිල්ගේ නඩු කටයුත්ත අවසන්වන තෙක් උසාවිය අසල රැදි සිටිමට සිදුවුවා.

අධිකරණ භූමියට ඇතුල් විමට ඉඩ ලබා නොදෙමින් එම ස්ථානයේ සිටි පොලිස් නිළධාරින් ෆසිර් මහතාට පවසා තිබුණේ මාධ්‍ය ආයතන හැදුනුම්පතින් අධිකරණ භුමියට ඇතුල්විය නොහැකි බවත් ඒ සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන හැදුනුම්පත අවැසි බවත්ය.

ෆසිර් මොහොමඩ් මහතා විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් හර්ශ බණ්ඩාර මහතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබුණා.

එම අවස්ථාව වන විට ෆසිර් මොහොමඩ් මහතා ජනමාධ්‍ය අමාත්‍යශයෙන් ලබා දෙන හැදුනුම්පත සඳහා ඉල්ලුම් කර තිබු නිසාවෙනි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය හැදුනුම්පත මුද්‍රණ කටයුතු සඳහා යොමු කර තිබෙන බව තහවුරු කරමින් අදාල ලිපි ලේඛන සියල්ල පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුට්ලර් මහතාට යොමු කර තිබුණා.

එම සියලු තොරතුරු එම ස්ථානයේ සිටි සහකාර පොලිස් අධිකාරි බිනුර සෙනරත් මහතාට සහ කොළඹ මධ්‍ය කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට කරුණු පැහැදිලි කිරිමක් සිදුකර තිබෙනවා.

එසේ තිබියදි පවා මාධ්‍ය වාර්තාකරණය වෙනුවෙන් ෆසිර් මහතාට අධිකරණ භූමියට ඇතුලු විමට අවස්ථාව ලබා නොදි තිබු අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට කතා කරන ලෙසයි.

එහිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇමතිමෙන් පසු අධිකරණ භුමිය අසල මාර්ගබාධකය අසලට පැමිණෙන ලෙස පවසා තිබෙනවා.

නමුත් මාර්ග බාධකය අසල ඉදිරිපිට සිටි නිළධාරින් විසින් පවසා තිබුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ලිඛිත අවසරයකින් තොරව යාමට ඉඩලබා දිය නොහැකි බවයි.

ලිඛිත අවසරය ලබා ගැනිම සඳහාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අසලට යායුතු වුවද ඒ සඳහා අවස්ථාව පවා අප මාධ්‍යවේදි ෆසිර් මොහොමඩ් මහතා ට ලබා දි තිබුණේ නැහැ.

Author

Related Posts