පොලිසියට ප්‍රහාරයක්

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනිම සමබන්ධයෙන් විරෝධතාවයේ නිරත පිරිස් විසින් පොලිසියට ප්‍රහාරයක් එල්ල කලා.

ඉන් එක් පොලිස් නිළධාරියෙක් තුවාල ලබා තිබෙනවා.

මෙම විපක්ෂයේ ආධාරකරුවන් පිරිස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පිටත රැදිසිටිමින් මෙම විරෝධතාවයේ නිරතව සිටින අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව සඳහා පොලිසිය යොදවා තිබුණා.

රාජ්‍ය මුදල් අවභාවිතකිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ නීති කෘත්‍යය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ වන විට ආරම්භ වි තිබෙනවා.

Author

Related Posts