කොළඹ නියෝජ්‍ය පොලිස්පති උජිත් ලියනගේ මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිධන් හෑරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එල්ල වී ඇති චෝදනා මතයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද විමර්ශන වලදි අනාවරණය වි තිබෙන මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ස්ථානයට ගොස් තිබෙන බවට අනාවරණය කරගෙන තිබෙනවා.
ඒ අනුව මොහු අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිඹිරිගස්කඩවල ප්‍රදේශයේ නිධානයක් ගොඩගැනීමේ නිරතව සිටිය දී නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු අටදෙනෙක් පසුගිය 14 වනදා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිස්විරුවන් දඩයම වහා නවතනු