අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියම කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විසින් මෙම නියෝගය නිකුත් කර ලැබුවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මිරිහානේ පිහිටි දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් පෞද්ගලික නිවසේ දී ඊයේ (20) දිනයේ දී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.
2022 වසරේ මැයි 9 වන දින ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළ විමර්ශනවලට අනුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එහි සැකකරුවෙකු ලෙස නම්කර තිබීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.
සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු විසින් කොටුව මහෙස්ත්රාත් අධිකරණය වෙත අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබූ අතර එය අධිකරණය විසින් ප්රතික්ෂේප කළා.

[…] https://whatnews.lk/2025/08/21/deshabandu-remanded/ […]