ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට දැඩි කොන්දේසි යටතේ කංසා වගාකිරීම සඳහා නීත්‍යානුකූලව විදෙස් ආයෝජකයන් හත් දෙනෙකු සඳහා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස රජය විසින් අවසර ලබා දීම හා එම ආයෝජකයන් සඳහා මීරිගම ප්‍රදේශයෙන් ඉඩම් අක්කර 64 ක් දැනටමත් වෙන් කර ඇති බව” සඳහන් වූ පුවතක් අද ප්‍රධාන පුවත්පත් කිහිපයක ම මුල් පිටෙහි වාර්තා වී තිබුණා.
එම පුවත්පත් වාර්තා කර තිබුණේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මේ පිළිබඳ ව සඳහන් කළ බවයි.
ඒ අනුව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍ය ්‍යවේදීන් විසින් මේ පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙතින් විමසා සිටිනු ලැබුවා.
අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩු සමයේ දී, එනම් 2024 අප්‍රේල් මාසයේ දී එවකට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා යටතේ රෙගුලාසි සකස් කර ඇති බවයි.
කෙසේ නමුත්, එම රෙගුලාසිවලට අනුව ආයෝජන මණ්ඩලය සම්බන්ධ කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකියාව තිබූ නමුත්, ක්‍රමවේදයේ තිබූ ගැටලු හේතුවෙන් ආයෝජකයන් 07 දෙනෙකු පැමිණියත් ඒ සඳහා කාලයක් ගත වූ බවයි එහි දී අමාත්‍යවරයා සඳහන් කරනු ලැබුවේ.
මේ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යංශය ඇතුළු ආයාතන කිහිපයකින් ම අනුමැතිය ලබා ගත යුතු බවත්, ඒ පිළිබඳව සාකච්චා කර මෙය රටට ලැබෙන ආයෝජනයක් නිසා මෙන්ම මෙය සිද්ධවන්නේ දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ වන හෙයින් වගාවේ සියලුම කොටස් අපනයනය සඳහා වන මෙම වගා කටයුතු සඳහා අනුමැතිය ලබා දුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පැහැදිලි කරනු ලැබුවා.
අමාත්‍යවරයා මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීමක් ලෙස ආයෝජකයන් සඳහා යම් සහනයක් හා නියාමනයක් ලබා දිය හැකි හෙයින් මෙය ආයෝජන කලාපයන්හි පමණක් සිදු කරනු ලබන බව හා මෙම වගාවන් පාලිත තත්ත්වයන් යටතේ සිදු කළ යුතු හෙයින් ආයෝජන කලාපයන්ගේ පමණක් ම මෙය සිදු කරනු ලබන අතර වෙනත් ස්ථාන පිළිබඳ තවම සාකච්ඡා වී නොමැති බව ද එහි දී සඳහන් කරනු ලැබුවා.
මෙම අවසර ලබා දීම ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන්නේ මාස 06 ක කාලයක් සඳහා පමණක් බවයි අමාත්‍යවරයා අවසාන වශයෙන් සඳහන් කරනු ලැබුවේ.

Cannabis / ගංජා / කංසා ආයුර්වේද සහ සිංහල බෙහෙත් වර්ග ඉතාමත් සුළු ප්‍රමාණයක් සදහා ඉතා සුළු වශයෙන් භාවිතා කරනවා.
වසරකට ලංකාවේ ආයුර්වේද බෙහෙත් සදහා කංසා 200kg පමණ භාවිතා කරන අතර (ගංජා වල ඔය කියන තරම් ඖෂධිය ගුණයක් නැහැ. බෙහෙත් වලට කියලා අරගෙන මදනමෝදක වැනි වෙනත් මත්ද්‍රව්‍ය නිශ්පාදන කරනවා) එම ප්‍රමාණයන් රජය විසින් ලියාපදිංචි ආයුර්වේද බෙහෙත් නිශ්පාදකයන්ට ලබාදෙනවා.
ගංජා වල අඩංගු ක්‍රියාකාරී සංඝටකයන් වන phytocannabinoids මගින් මොලයේ සහ මධ්‍යම ස්නායු පද්ධතියට බලපෑම් ඇතිකිරිම නිසා මානසික ක්‍රියාකාරිත්වය, මනෝභාවය, සංජානනය, විඥානය සහ හැසිරීම් කෙටි කාලීනව සහ නැවත ප්‍රකෘතිමත් කල නොහැකි ලෙස විකෘති වෙනවා වගේම ඇබ්බැහි වීමක් සිදු වෙනවා.
කංසා ඇමරිකානු, යුරෝපා, අප්‍රිකා සහ ආසියානු කලාපවල ඉතා සුලභව වැවෙන ශාකයක්. මේ නිසා අධික මිලක් සහිත නිත්‍යානුකූල කංසා වලට විශාල අන්තර් ජාතික වෙළදපොලක් නැහැ.
රජයේ හමුදා මෙම කංසා වගාවන් ආරක්ෂා කිරීම සදහා යොදා ගැනීම නිසා රජයේ හමුදා තුළ නැවත ප්‍රකෘතිමත් කල නොහැකි ලෙස ගංජා වලට ඇබ්බැහි වීමක් සිදුවීමේ අති විශාල අවදානමක් තිබෙනවා.
ගංජා භාවිතය, ලග තබා ගැනීම සහ විකිණීම ලංකාවේ නිතියෙන් තහනම් උවත්, රජය විසින් ගංජා වගාවට දක්වන අනුග්‍රහය නිසා අපේ රටේ ළමා සහ තරුණ පරපුර තුළ ගංජා සදහා සුභවාදී ආකල්පයක් ඇතිවීමේ භයානක තත්ත්වයක් නිර්මාණය වීමේ හැකියාව තිබෙනවා.