ඇමරිකාවේ තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම්වල සැබෑ ක්‍රියාකාරි මට්ටම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 1.5 % කින් පහළට වැටෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානි එවන් පැපජෝර්ජියෝඕ ( Evan Papageorgiou ) පවසනවා.
මෙම තත්ත්වය දීර්ඝ කාලීන වශයෙන් සලකා ලබන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැවැන්ත බලපෑමක් එල්ල කරනු ඇති බවයි ඔහු පවසන්නේ.
ඒ අනුව මෙම තීරු බදු ගැටලුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාම කඩාකප්පල් වීමේ බලපෑම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දිගින් දිගටම තක්සේරු කරමින් සිටින බව පැවසූ එම මහතා මෙම තත්ත්වය විශාල වැදගත්කමකින් යුතු ගැටලුවක් ලෙස සලකා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ පිළිබඳ ව අවධානය යොදවමින් සිටින බව අවධාරණය කර සිටියා.
කෙසේ වෙතත්, දැනට ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර තීරු බදු හා වෙළෙඳ සාකච්ඡාව සිදු වන බවත්, එහි ප්‍රතිඵල අනුව මේ සඳහා තම ආයතනය ප්‍රතිචාර දැක්වීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් දක්වා සිටියා.
ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනුයි.
ශ්‍රී ලංකාව රටක් ලෙස තමා භාණ්ඩ අපනයන කරන රටවල් විවිධාංගීකරණය කිරීම ඉතා වැදගත් බව ද සඳහන් කළ පැපජෝර්ජියෝ මහතා පැවසුවේ, ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හා ප්‍රතිපත්ති බලධාරීන් විසින් බලාත්මක නො කිරීම මෙරටට අවාසි සහගත තත්ත්වයක් වී ඇති බවයි.
ට්‍රම්ප්ගේ මෙම තීරු බදු ප්රශ්නය පැමිණීමට පෙර සිට ම එම ප්‍රතිසංස්කරණ හා ප්‍රතිපත්ති බලාත්මක කිරීමට කටයුතු කරන ලෙස රජයට දැනුම් දී තිබුණ ද ඒවා ඉටු නොවුණු බවයි ඔහු සඳහන් කර සිටියේ.
ඔහු අවසාන වශයෙන් සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකාව අවම ඍජු විදේශ ආයෝජන සහ අපනයන ආදායම් ලබන රටක් වීම හේතුවෙන් ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා, ජාත්‍යන්තර වෙළෙඳාම වෙනුවෙන් වූ ‘ජාතික තනි කවුළුවක්’ ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකාව පියවර ගත යුතු බවයි

වගේ නොතේරෙන සිංහල වචනයක් වෙනුවට තේරෙන ඉංග්‍රීසි වචනයක් යොදාගැනීම සුදුසුයි කියලා මම හිතනවා