ඩඩ්ලි අපිට ලොකු නැහැ!ගල් වැලි නැතුව හාල් දීපු මිනිහා තමයි ඩඩ්ලි

වැව් තාවුළුවල නීතිවිරෝධී ඉදිකිරීම් ඉවත්කර වැව් සුරක්ෂිත කිරීමේ වැඩසටහන යටතේ මේ වසරේ තෝරාගත් වැව් අතරට පරාක්‍රම සමුද්‍රය ඇතුළත් වී නැත්තේ ඩඩ්ලි සිරිසේන මහතාගේ හෝටලයක් එහි පවතින නිසා යැයි ඇතැමුන් කරන චෝදනා පදනම් විරහිත බව කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පැවති උත්සවයක් අමතමින්.

“දැන් අපි ඊයෙ පටන් ගත්තානෙ මෙහෙ වැඩක්. වැව් තාවුළු ටික මනින්න පටන් ගත්තානෙ දැන්. මේ අවුරුද්දට අදාළ වැව් ටිකක් තියෙනවා. තවත් වැව් තියෙනවා. ඉතින් සමහරු අහනවා අර පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ තියෙනවාලු ඩඩ්ලිගේ හෝටලේ, ඒක දාලා නැල්ලු මේ පාර මේ වැඩේට අපි වැව් තාවුළු නැවත සකස් කරන එක අදාළව. ඉතින් ඕනෙ කෙනෙක් ඕනෙ එකක් කියාගත්තාවේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අපි ඒක තෝරාගත්ත ක්‍රමවේදයක් තියෙනවා. මුදල් ප්‍රමාණය ඒකට අදාළයි. හැබැයි අපි අදියරෙන් අදියර යනවා. මේ අවුරුද්දේ ඔක්කොම වෙන්නෑ. මොකද ඒ වැඩේට මේ අවුරුද්දේ අපට තියෙන්නෙ මිලියන 100 යි. එතකොට මිලියන සීයෙන් ඔක්කොම කරන්න බෑ. හැබැයි ඕගොල්ලන්ටත් සහතිකව කියන්නම්, ඕගොල්ලොත් වැව් තාවුළුවල ඉන්නවා නම් – ඊයෙ පෙරේදාත් මම කිව්වා – හෝටල් කරගෙන ඉන්න අය ඉන්නවා නම්, මොනවා කරගෙන හරි ඉන්න අය ඉන්නවා නම් අයින් කරන්න කලින් යන්න. අයින් කරනවාමයි. ඒක ඩඩ්ලි සිරිසේනද, අපිට එකෙක්වත් ලොකු නෑ. එයා අපිට ලොකුයි මේ වී මිලදී ගැනීමේ ක්ෂේත්‍රයේදී. ඒ ක්ෂේත්‍රයේදී එයා වටින මිනිහෙක්. මිනිස්සු අපහාස කළාට, බැන්නාට ඒ මනුස්සයා නැත්නම් අපට තාම – මතක තියාගන්න – බත් කනකොට ගල් හැපෙනවා. ලංකාවේ මිනිස්සුන්ට හාල් ගරන්නෙ නැතිව, වැලි කැටයක් හැපෙන්නෙ නැතිව හාල් ටික වෙළඳපොලට දීපු මිනිහා තමයි ඩඩ්ලි සිරිසේන. ඒ මනුස්සයා වැඩක් කරලා තියෙනවා රටේ. වටිනා මිනිහෙක්. හැබැයි අපිට එයාත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ? ගොවි ජනතාවගෙන් වී මිලදී ගන්නකොට ඇතැම් අවස්ථාවල ගොවියාට සාධාරණ මිලක් ලබාදීලා නෑ. ඒක බේරාගන්න තියෙනවා, ඒක අපි බේරාගත්තා ගිය මාසෙ ඉඳන්. ඇයි අපි කිව්වා 120 ට අපි ගන්නවා කියලා, ඉතින් ඒගොල්ලො ගත්තා 130 ට 140 ට. ඉතින් අපිට මොකෝ ? අපිට ප්‍රශ්නයක් නෑ. එතකොට ගොවියාගෙ ප්‍රශ්නෙ අපි විසඳලා”

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading