නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අපොස සාමාන්‍ය පෙළ විෂයන් ගණන 7ක් දක්වා අඩුවෙන කිරීම, ඒකක පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීම ඇතුළු ධනාත්මක කරුණු රැසක් ඇති අතර, අනිවාර්ය විෂයන් සංඛ්‍යාව 5 දක්වා අඩු වීමට නියමිතය.
එහෙත් අනිවාර්ය නොවන විෂයන් අතරට ඉතිහාසය විෂයද අයත් වීම විවේචනයට ලක් වී තිබේ. තෝරාගන්නා විෂයන් දෙක අතට බොහෝ සිසුන්ට ඉතිහාසය විෂයක් ලෙස තෝරා නොගැනීමේ ඉඩක් පවතින නිසා ඉතිහාසය විෂය පිළිබඳ සමාජ අවබෝධය බරපතල ලෙස අඩු වීමේ අවදානමක් පවතින බවත්, එහි බරපතල බලපෑම්වලට මුහුණදීමට සිදුවනු ඇති බවත් විද්වත්හු පෙන්වති.

ගණිතය, ඉංග්‍රීසි, මව්බස, ආගම සහ විද්‍යාව අනිවාර්ය විෂයන් වන අතර, තවත් විෂයන් දෙකක් තෝරාගැනීමට හැකියාව ඇත. කාණ්ඩ කිහිපයක් අතරින් ඉතිරි විෂයන් තෝරාගැනීමට තිබේ.
ඉතිහාසය සියලු විෂයන්ගේ ගෘහය ලෙස හැඳින්වෙන අතර ඉතිහාස අධ්‍යාපනය අනිවාර්ය කාරණයක් ලෙස පිළිගැනේ. එවැනි පසුබිමක පුද්ගලික කාරණයක් වන ආගම අනිවාර්ය විෂයක් වන විට ඉතිහාසය විෂය ඉවත් කිරීම සමාජයට බරපතළ බලපෑමක් එල්ල කරනු ඇතැයි විද්වතුන් පෙන්වාදෙයි. මීට පෙර ජේආර් ජයවර්ධන සමයේදී ඉතිහාසය කන්නදැයි විමසීය.
අධ්‍යාපනය පරිවර්තනයෙන් ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමේ තේමාව යටතේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය 2025 ජුලි 11 දිනැතිව නිකුත් කර තිබුණි.
මෙම නව ප්‍රතිසංස්කරණ අනුව පළමු වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අධ්‍යාපනයත්, 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා පදනම් අධ්‍යාපනයත්, 10 සහ 11ශ්‍රේණි සඳහා වෘත්තිය ජීවිතට සූදානම් වීමේ අධ්‍යාපනයකුත් 12-13 ශ්‍රේණි වෘත්තිය සහ උසස් අධ්‍යාපනයත් යනුවෙන් සකස් කර තිබේ.

ඒ අනුව 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා ඒකක හෙවත් ක්‍රෙඩිට් පදනම් කරගත් අධ්‍යාපන ක්‍රියාවලියක් හඳුන්වා දී ඇත. එක් එක් විෂයක් එක් වාරයකින් සමත් වීමේදී ලකුණු ඒකකයක් ලැබේ.
පළමු ශ්‍රේණිය සිට 5 ශ්‍රේණිය දක්වා මව්බස, ඉංග්‍රීසි භාෂාව, දෙවැනි ජාතික භාෂාව, ගණිතය, ආගම සහ වටිනාකම්, ප්රාරම්භක විද්‍යාව, සෞන්දර්යය, සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය, විෂය සමගාමී ක්‍රියාකාරකම් ඇතුළු විෂයන් හඳුන්වා දී තිබේ.
6 ශ්‍රේණිය සහ 9 ශ්‍රේණිය දක්වා විෂයන් 14ක් අත්‍යවශ්‍ය වන අතර, විවිධ විෂය සමගාමී සංගම්වලට සහභාගී වීම, ක්‍රීඩාවල යෙදීම උදෙසා ක්‍රෙඩිට් ලබාදෙන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දී තිබේ. එයට අමතරව තීර්යක් හැකියාවන් (ට්රාන්ස්වර්සල් ස්කිල්ස්) සඳහා ද ක්‍රෙඩිට් ලබාදීමට නියමිතය. එම විෂයන් අතර මව්බස, ඉංග්‍රීසි, දෙවැනි භාෂාව, ගණිතය, විද්‍යාව, සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ජීවිතයට තාක්ෂණය, භූගෝලය, ඉතිහාසය, සිවික් අධ්‍යාපනය, ආගම සහ සමාජ වටිනාකම්, සෞන්දර්ය අධ්‍යාපනය, වාණිජ්‍යය සහ මූල්‍ය, ක්‍රීඩා, සංගම් සහ සමාජ ක්‍රියාකාරක්මවලට සහභාගී වීම ඇතුළු විෂයන් අයත්වෙයි.
2029 වර්ෂයේ සිට 9 ශ්‍රේණියේ සිසුන්ට කුසලතා සහ බුද්ධි පරීක්ෂණයකට මුහුණදීමට අවස්ථාව සැලසේ. මෙය නව විභාගයක් වනු ඇත. එහිදී ගණිතමය හැකියාවන් සහ සාක්ෂරතාව මනිනු ලැබේ.
සාමාන්‍යපෙළ සඳහා පෙර සඳහන් කළ අනිවාර්ය විෂයන්ට අමතරව විෂයන් දෙකක් තෝරාගත යුතුය. දෙවැනි භාෂාව, තොරතුරු හා න්නිවේදන තාක්ෂණය, ඉතිහාසය, සිවික් අධ්‍යාපනය,සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය, කෘෂිකර්ම සහ කළමණාකරණ තාක්ෂණය, සැලසුම් සහ ඉංජිනේරු අධ්‍යාපනය, ආහාර, කලා නිෂ්පාදන, සාගර හා ජලජ සම්පත් තාක්ෂණය, භූගෝලය, සෞන්දර්ය විෂයන්, ව්‍යවසායකත්ව සහ මූල්‍ය යනාදී විෂයන් අතරින් එම විෂයන් දෙක තාගැනීමට සිදු වේ. කෙසේ වෙතත් ඉතිරි විෂයන් දෙක තෝරාගැනීමේදී විද්‍යා හා තාක්ෂණ (ස්ටෙම්), සමාජ විද්‍යා, කළමණාකරණ සහ ව්‍යවසායකත්ව සහ වෘත්තිය පුහුණු ක්ෂේත්‍ර අතරින් එක් ධාරාවක් යටතේ විෂයන් දෙකක් තේරාගැනීමට සිදු වේ.

උසස්පෙළ විෂය ධාරා පහකට බෙදා වෙන් කොට ඇත. විද්‍යාව, තාක්ෂණය, කළමණකරණ ව්‍යසායකත්ව හා ව්‍යාපාරික අධ්‍යනය, මානව හා සමාජ විද්‍යා, වෘත්තිය පුහුණු යන ක්ෂේත්‍ර පහ අතරින් එක් ධාරාවක් තෝරාගැනීමට හැකියාව ඇත. පොදු ඉංග්‍රීසි පරීක්ෂණය අනිවාර්ය වේ. පෙර පැවති ආකාරයටම විෂයන් තුනක් එක් ධාරාවකින් තෝරාගත යුතුය.
1 සිට 6 දක්වා ශ්‍රේණිවලට අදාල ප්‍රතිසංස්කරණ 2026 දී ආරම්භ කරනු ලැබේ. 2029 සිට නවය ශ්‍රේණිය සිසුන් සඳහා පරීක්ෂණය ආරම්භ කරනු ලැබේ. 2029 සිට නව ධාරාව යටතේ සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කරන අතර, එම සිසුන් පළමු වරට නව ප්‍රතිසංස්කරණ යටතේ උසස්පෙළට මුහුණදෙනු ඇත.


ඉතිහාසය කන්නද කියා හිතන ජාතියෙ අධ්‍යාපන ඇමතියෙක් අපිට මොකටද? එක්කෝ මල ඉලව් ආගම පන්සල්, පල්ලි, කෝවිල් දේවාල වලට කරගන්න දීල ඉතිහාසයෙන් ලමුන්ගේ අධ්‍යාත්මයට පදනම දාල දෙන්න. දැනට ඉතිහාසය කියල හිතන බොරු මාගල මකන්න.