2026 සිට ඉස්කෝලේ පීරියඩ් එකට විනාඩි 50යි දවසට පීරියඩ් 7යි… නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජනවාරි 1 සිට…

2018 සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කළද එය 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට හැකි වන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව පවසයි. මේ වෙනස කුමන ආකාරයෙන් විය යුතු ද යන්න අධ්‍යනය කර ජාතික අධ්‍යාපන ආයතනය මූලිකත්වය ගෙන විෂය නිර්දේශ නවීකරණය කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කළා.

අධ්‍යාපන අමාත්‍යංශය තුළ තිබූ සියලු කාරණා ඒකාබද්ධ කරමින් ගෙනෙන ප්‍රතිසංස්කරණ වර්තමානයේ තිබෙන ඉල්ලීම් සමග ඒකාබද්ධව අවශ්‍ය පරිදි ගෙන ඒම, අමාත්‍යංශයට පැවරී තිබුණු කාර්ය භාරය බව ඔහු පැවසුවා.

2026 ජනවාරි පළමුවැනිදා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් මෙය ලංකාවේ සියළු පාසල් වල 1ශ්‍රේණියේ සිට 6 වන ශ්‍රේණි වලින් ආරම්භ කිරීමට නියමිත බවත් නාලක කලුවැව ප්‍රකාශ කළා.

එහිදී වැදගත් වන තවත් කාරණයක් ලෙස නව ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමත් සමගම 2026 සිට පාසලක කාල පරිච්ඡේදයක කාලය විනාඩි 50ක් බවට පත් වන අතර, දැන් තිබෙන කාලච්ඡේද අට 7ක් බවට පත් වන බවද ලේකම්වරයා පැවසුවා. එසේම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වුණත් කාලපරිච්ඡේද වල පැය ගණන සහ පරිච්ඡේද ගණන සියලු දෙනාටම සමාන බව පවසයි.

තවද මේ වර්ෂය තුළදී ජාතික අධ්‍යාපන ආයතන සහ අධ්‍යාපන අමත්‍යංශය විසින් පළාත් සභා සමග ඒකාබද්ධව මූලිකව 1 සහ 6 ශ්‍රේණි වලට අදාළ ගුරුවරුන් අවම වශයෙන් ලක්ෂයක් පුහුණු කිරීමටද බලාපොරොත්තු වන බව නාලක කලුවැව මහතා පවසයි. එහි පළමු පියවර ලෙස ජාතික අධ්‍යාපන ආයතනය විසින් පුහුණු කරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් (TOT) තුළින් 7500 දෙනෙක් පුහුණු කිරීමටද අපේක්ෂා කෙරේ.

මෙහිදී Module ක්‍රමවේදයක් භාවිත කරන අතර එම ශ්‍රේණි වලට අදාළ module අමාතංශය විසින් මුද්‍රණය කර ලබා දීමට බලාපොරොත්තු වන බව පවසමින් ලේකම් වරයා කියා සිටියේ මෙහි සමස්ථ ක්‍රියාවලියේ සාර්ථකත්වය රැඳී පවතින්නේ ගුරවරුන් අත බවයි. මෙම පද්ධතියට පැමිණෙද්දී බොහෝ දේවල පවතින පද්ධතියේ දේවල්ම භාවිත කිරීමට සිදු වන අතර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම නව දේවල් ඇති කර ආරම්භ කල නොහැකි ක්‍රියාවලියක් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වරයා වැඩි දුරටත් සඳහන් කර සිටියා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading