පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර මාලාව සම්බන්ධයෙන් කුමන්ත්රණය කිරීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා තිබූ දීර්ඝ නඩුවේ නඩුවේ විත්තිකරුවන් 24 දෙනා අතුරින් 15 දෙනෙකු කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වරදකරුවන් ලෙස නම් කර ඇත.
චෝදනා 23,270කට අධික සංඛ්යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා තිබූ දීර්ඝ නඩුවේ තීන්දුව මේ වන විට අධිකරණය විසින් ප්රකාශයට පත් කරමින් පවතී.
නීතිපතිවරයා විසින් ගොනු කරන ලද සියලු චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත් වී ඇති බව තීරණය කළ අධිකරණය මෙලෙස විත්තිකරුවන් 15 දෙනා වරදකරුවන් බවට පත් කර තිබේ.
නඩුවේ අංක 01 සිට 09 දක්වා සහ 11,15,16,18,19 විත්තිකරුවන් සියලු චෝදනා වලට වරදකරුවන් වී ඇති අතර 10 වැනි විත්තිකරුට එරෙහිව තිබූ 16 වැනි චෝදනාවෙන් පමණක් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය පියවර ගෙන තිබේ. මෙම නඩුවේ 12, 13, 14, 17, 20, 21, 23, 24 සහ 25 යන විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබේ.
