ජගත් මනුවර්ණට සභාපති තනතුරක්…

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා තේරී පත් වී තිබෙනවා.
මෙම සංසදය නියෝජ්‍ය සම සභාපතිවරුන් 5 කගෙන්ද සමන්විත වන අතර මෙම සංසදයේ සමාරම්භක රැස්වීම ඊයේ (11) පැවැත්වුණු අතර එහිදී සභාපතිවරයා ලෙස ජගත් මනුවර්ණගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් මාපලගම විසින් යෝජනා කළ අතර සුගත් වසන්ත ද සිල්වා විසින් ස්ථිර කර ඇත.
එසේම සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් මාපලගම, තුෂාරි ජයසිංහ, සුසන්ත දොඩාවත්ත, සුගත් වසන්ත ද සිල්වා සහ නිලන්ති කොට්ටහච්චි යන අය තේරී පත් වී ඇත.

සංසදයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට සංසදය එළ‍‍‍‍ඹෙන 22 වැනිදා නැවත රැස්වීමට තීරණය කර තිබේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading