නීති විරෝධී ක්‍රියාකරකමකින් උපයා ගන්නා ලද රුපියල් ලක්ෂ 500ක් යොදවා මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව පවරන ලද නඩුව පසුගියදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ යළි සලකා බලන ලදී.
එහිදී මේ සම්බන්ධයෙන් බැසිල්ගේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ දී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දී ප්‍රකාශ කලේ, බැසිල් රාජපක්ෂ අධිකරණය ඉදිරියේ පෙනී නොසිටියේ ඇමරිකාවේ දී පුටුවකින් ඇද වැටී සිදු වූ අනතුරක් හේතුවෙන් බවයි.
එසේම ගෙල සහ ස්නායු ආශ්‍රිතව අබාධ මතු වී ඇති බැවින් මාස 6ක කාලයක් ගුවන් ගමන් වල යෙදීමෙන් වළකින ලෙසත් ඇමෙරිකාවේ වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව ප්‍රකාශ විය.
රුපවාහිනී සංවාදයක් අතරතුර මාධ්‍යවේදියා විසින් මේ පිළිබඳව සාගර කාරියවසම්ගෙන් විමසූ අවස්ථාවේ ඔහු ඉතා කෝපයට පත් වුණා. බැසිල් රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රකාශ කිරීමට තමන්ට දැනුමක් නොමැති බවත් ඒ නඩුව සම්බන්ධයෙන සාගල කාරියවසම් කටයුතු නොකර බවත් පැවසුවා.
එහිදී මාධ්‍යවේදියා විමසා සිටියේ සාගර කාරියවසම්ගේ නායකයා වන බැසිල් රාජපක්ෂගේ අසනීප තත්ත්වය පිළිබඳව නොදන්නේද යන්නයි.
එහිදී සාගර කියා සිටියේ 2015දී බැසිල් ලංකාවට පැමිණි අවස්ථාවේ අනුර කුමාර දිසානායක උප නායකත්වය දරන ලද, ආනන්ද විජේපාල ලේකම් ධූරය දරපු දූෂණ මර්ධන කමිටුව CID එක හරහා රිමාන්ඩ් බන්ධාගාර ගත කර ඇත. දින 90කට අසන්න ප්‍රමාණයක් රක්ෂිත බන්ධනාගාරයේ ගත කළ අතර ඊට අදාළ නඩු සියල්ල විභාග කර සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව ඒවායෙන් නිදොස් කොට නිදහස් කළ බව සාගර කරයවසම් පවසයි. ඒ නඩු අතර මල්වානේ නිවස සම්බන්ධ නඩුව සහ ගැල්වනයිස් බට බෙදීම සම්බන්ධ නඩුව ද විය.
මෙහිදී මාධ්‍යවේදියා නැවත විමසා සිටියේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිව සිටියදී පත් කළ බරපතල වංචා දුෂණ සෙවීමේ කොමිෂන් සභාවක් පත් කරන ලදී. මේ කොමිෂන් සභා වාර්තාවේ බැසිල් රාජපක්ෂ මූල්‍ය දූෂණය නැමති වරද සිදු කර ඇති බවට සඳහන් බවට පසුගිය දිනෙක සිවිල් ක්‍රියාකාරිකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා. එසේම අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන් හමුදාවේ යානා 2010 ජුනි මස දෙවෙනිදා සිට 2014 නොවැම්බර් මස 7 වනදා දක්වා යොදා ගැනීම, ජනාධිපති කාර්යාලයට අධි සොඛෝපභෝගී ආරක්‍ෂිත රථ 3ක් සහ සාමාන්‍ය වාහන 11ක් වශයෙන් සමස්ත වාහන 14ක් භාවිතා කර මුදල් අවභාවිත කිරීම, ඔහු භාවිත කළ නිල වාහන 6ක් නිල වශයෙන් තක්සේරු කර නොතිබූ බව මෙම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වූ බව ප්‍රකාශ විය. ඊට අමතරව 2010 ජනවාරි 10 වෙනිදා සිට (යුද්ධයෙන් පසුව) 2015 වනතුරු නාවික හමුදාවේ සොල්දාදුවන් 64ක් සහ යුධ හමුදාවේ සොල්දාදුවන් 84 දෙනෙකු පුද්ගලික ආරක්ෂාවට යොදවා තිබූ බවත් ඔවුන් වෙනුවෙන් වැටුප් සහ දීමනා අනීතික ලෙස ලබා දී තිබීම සහ මහජන මුදල් මෙලෙස වැය කිරීම තුළ දූෂණය නමැති වරද සිදු කර ඇති බවටත් ඔහු ප්‍රකාශ කර තිබුණා.
ජනාධිපති කොමිසම් වර්ග දෙකක් ඇති බවත් මේ රටේ ජනතාවට ඒවා නොතේරන බවත් ප්‍රකාශ කර සාගර කාරියවසම් කියා සිටියේ විශේෂ ජනාධිපති කොමිසමෙන් දඬුවම් දීමේ බලය හිමි වන අතර සිරිසේන ජනාධිපති වරයා පත් කලේ එවැනි කොම්සමක් නොවන බවයි. එහි සඳහන් වූයේ යටකී වැරදි සම්බන්ධයෙන් කළයුතු වන අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිදෙපාර්තමේන්තුවට යැවූ පසු සාක්ෂි තිබූ සහ වැරදි කළ බවට පෙනෙන කාරණා සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂට නඩු පවරන ලදී. පසුව ඒවායෙන් නිදොස් කොට නිදහස් වූ බව කාරියවසම් පවසයි.
මෙලෙස පැමිණි සිවිල් ක්‍රියාකාරිකයා පහුගිය කාලයේ අරගලයට සම්බන්ධ වුණු ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූ පුද්ගලයෙකු විය හැකි බව සාගර කාරියවසම් පවසයි. එම නිසා මෙවැනි කරුණු නැවත මතු කරන බවට ඔහු ප්‍රකාශ කළ අතර මේ රජයට රටට ප්‍රකාශ කිරීමට තමන් කරපු කිසිවක් නොමැති නිසා 2015 ඔවුන් කරන ලද චෝදනා නැවත සමාජ ගත කිරීමට උත්සාහ කරන බවයි.

සාගල කාරියවසම් කෙනෙක් ගැන සඳහන් වෙනවා, ඒ කවුරුන් ද?