වැඩි මිලට ශල්‍ය උපකරණ විකිණීම ඇතුළු චෝදනා සඳහා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප ඉල්ලීම පිළිබඳව ලබන 08 වනදා කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විත්තියේ නීතිඥවරුන්ට අද (04) නියම කර ඇත.
සැකකාර විශේෂඥ වෛද්‍යවරිය ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් අද (04) දින මෝසමක් ඉදිරිපත් කරමින් මේ සම්බන්ධව කරුණු දක්වා ඇත.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් මෙම ඇප ඉල්ලීමට විරෝධය පළ කර ඇත.
කෙසේ වෙතත් මෙම නඩුකරය ලබන 08 වනදා කැඳවීමට නියමිතව තිබෙන බැවින් එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස මහේස්ත්‍රාත්වරිය සඳහන් කර ඇත.
මේ අතර අද දිනට මෙම නඩුව කටයුත්ත අවසන් කර අධිකරණ භූමියෙන් පිටව යන අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ සහකාර කොමසාරිස් සුලෝචනා හෙට්ටිආරච්චිට සහ විමර්ශන නිලධාරී දිලුම් දුශාන්ට සැකකාර විශේෂඥ වෛද්‍යවරියගේ දියණිය විසින් මරණ තර්ජන සිදුකර තිබෙන බවට මාධ්‍ය වාර්තා කරයි.
එම අවස්ථාවේ දී සහකාර කොමසාරිස්වරිය සහ විමර්ශන නිලධාරියා මේ සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත්වරියට දන්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

ගහේ කටු උල් කරන්න ඕනි නෑ කියන්නේ ඕක තමා 😌😌