පලස්තීන සහයෝගීතා මහජන ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද පලස්තීනයට නිදහස! යුද්ධයට විරෝධය! මැයෙන් සංවිධානය උද්ඝෝෂණයක් විරෝධතා පා ගමනක් අද(30) කොළඹදී පැවැත්වුණා.
කොම්පඤ්ඤ වීදිය ඩී මෙල් පිටියෙන් ආරම්භ වූ පාගමන ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය දක්වා පැමිණ උද්ගෝෂණයක් සිදු කරන ලදී.
මේ සඳහා වෘත්තීය සමිති, බහුජන සංවිධාන, දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු බොහෝ පිරිසක් සම්බන්ධ වූ අතර ඔවුන් කියා සිටියේ ඊශ්‍රායලය පලස්තීනයට සහ ඉරානයට පහර දීම පිටු පස ඇමෙරිකානු භූ දේශපාලනික සහ අධිරාජ්‍යවාදී බලපෑම තිබෙන බවයි.
“පලස්තීනයට හා ඉරානයට එරෙහි ජන සංහාරය නවතනු!”
“ඇමෙරිකන්, ඊශ්‍රායල් ෆැසිස්ට් ආක්‍රමණය පරාජය කරමු!”
සාමය, නිදහස සහ මනුෂ්‍යත්වය උදෙසා එක්වෙමු!
දශක ගණනාවක් තිස්සේ පලස්තීනය විනාශ කිරීම ඇමරිකානු අදහසක් බවත්, ජනඝාතක යුද්ධයට සහ ජන සංහාරයට විරුද්ධ බව විරෝධතා කරුවන් ප්‍රකාශ කළා. මානුෂීය ආධාර පෙන්වා මිනිසුන් ඒ ආධාර ගැනීමට පැමිණෙන අවස්ථාවේ කුඩා දරුවන් ඇතුළු සියලු දෙනා මරා දමන්නට තරම් නින්දිත සහ අසික්කිත තැනකට ඊශ්‍රායලය සහ ඇමෙරිකාව යන බල කෑදරයන් වැටී ඇති බව ඔවුන් පවසයි. මේ සඳහා රටක් ලෙස විරුද්ධ විය යුතු බව සඳහන් කරමින් ඔවුන් රජයෙන් ඉල්ලා සිටියේ මේ නරුමත්වයට එරෙහි වන ලෙසයි.
පසුගිය මාසය තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් පලස්තීන වැසියන් 549 දෙනෙක්ද මියගොස් ඇත. ගාසා හි බලධාරීන් පවසන ආකාරයට ඊශ්‍රායලය එම ප්‍රදේශයට එරෙහිව කළ යුද්ධයේදී ගාසා තීරයේ මන්දපෝෂණයෙන් අවම වශයෙන් ළමුන් 66 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
2023 ඔක්තෝබර් සිට 2025 ජනවාරි මුල දක්වා ගාසා තීරයේ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස 84,000 කට ආසන්න පිරිසක් මිය ගිය බව ඇස්තමේන්තු කරයි. ජුනි 2 වන දින ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කළේ මුළු මරණ සංඛ්‍යාව 54,470 දක්වා ළඟා වූ බවත්, ඊට පෙර පැය 24 තුළ අවම වශයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මිය ගිය බවත්ය. නමුත් විශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නේ පවතින තත්ත්වය සහ දත්ත ලබා ගන්න රෝහල් වලටද ප්‍රහාර එල්ල වී ඇති බැවින් එම තොරතුරු වන නිරවද්‍යතාවය පිළිබඳව ගැටළු ඇති බවයි. ඔවුන් ප්‍රකාශ පරිදි පරිදී මේ වන විට මරණ 80000ක් ඉක්මවා ඇති බවයි.

හමාස් සංවිධානය , පලස්තීනය ඉල්ලං කෑවේ. තමන්ගෙ තරමට වැඩ කල යුතුයි. ඊශ්‍රාලයට පැනල 1000 මැරුවා, 250 පැහැරගෙන ගියා. දැන් අඩනවා විලාප දෙනවා. පාස්කු ප්‍රහාරයත් ඒ වගේ තමා. අපේ මනුසුසකමට ඉවසං හිටියා.