තමන් භාවිත කළ මර්සිඩීස් බෙන්ස් මෝටර් රථයක කුලිය බව පවසමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ රුපියල් 240,000ක මාසික ගෙවීමක් ලබාගෙන ඇති බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
කෙසේ වෙතත්, අපගේ ආරංචිමාර්ග පවසන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මෙම සිදුවීම පිළිබඳ විමර්ශන අවසන් කර නොමැති බවය. යම් පාර්ශ්වයක් විසින් මෙම විමර්ශනයේ තොරතුරු මාධ්‍ය වෙත ලබා දී තිබුණත් මෙම සිදුවීම පිළිබඳ විමර්ශන දැනට කෙරෙමින් පවතින අතර, යම් තොරතුරු හෙළිදරව් කරගෙන තිබේ. එහෙත්, විමර්ශන අතරතුර කරුණු හෙළිදරව් වී තිබීමෙන් විමර්ශනවලට බලපෑම් එල්ලවේදැයි සැකයක් මතුව තිබේ.
කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ ලේකම්වරියක විසින් ජාතික රූපවාහිනියෙන් මර්සීඩීස් බෙන්ස් රථයක කුලිය යැයි කියමින් මුදලක් ඉල්ලා ලිපියක් යොමු කිරීම මෙම විමර්ශනයට පාදක වී තිබේ. එම ලිපිය තුළ සඳහන් වාහන අංකයෙන් යුක්ත වාහනයක් අමාත්‍යවරයා පාවිච්චි කර නොමැති අතර, පාවිච්චි නොකළ වාහනයකට ලේකම්වරිය විසින් මුදල් ලබාගෙන තිබේ.
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණු ආකාරයට රුපියල් 240,000ක මාසික කුලිය රඹුක්වැල්ලගේ මිතුරියකගේ බැංකු ගිණුමකට තැන්පත් කර ඇත. එම මුදල් චෙක් පතකින් එම තැනැත්තියගේ සැමියා විසින් ලබාගෙන තිබේ. කෙසේ වෙතත් එම මුදල් හිටපු අමාත්‍යවරයා විසින් ලබාගෙන තිබේද යන්න පිළිබඳ විමර්ශන සිදු කෙරෙමින් පවතී. කෙසේ වෙතත්, දැනට විමර්ශන අවසන් වී නොමැති පසුබිමක, තොරතුරු කල් තබා ප්‍රසිද්ධ වීමෙන් මෙම විමර්ශනයට පාදක වන සැකකරුවන්ට සාක්ෂ්‍ය වෙනස් කිරීමට, වෙනත් අධිකරණවලින් නියෝග ලබාගැනීමට උත්සාහ කිරීමට මෙන්ම තොරතුරු සැඟවීම හෝ විකෘති කිරීමට අවස්ථාව හිමිවන බවත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගැනීමකට පෙර කල් තබා තොරතුරු පිටතට දීම නරක තත්වයක් ගැනත් අපගේ ආරංචිමාර්ග පවසයි.
මේ අතර, රඹුක්වැල්ල කොළඹ මහාධිකරණයේ වෙනම අධිකරණ නඩු දෙකකට ද මුහුණ දී සිටී.
පළමු නඩුවට රජයේ රෝහල්වලට ව්‍යාජ ඉමියුනොග්ලොබුලින් කුප්පි සැපයීමට කුමන්ත්‍රණය කිරීම, එම කුමන්ත්‍රණය හරහා රුපියල් මිලියන 144.4ක් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම සහ අපරාධයට ආධාර කිරීම සහ අනුබල දීම යන චෝදනා ඇතුළත් වේ.
මෙම නඩුව සම්බන්ධයෙන් රඹුක්වැල්ල සහ තවත් විත්තිකරුවන් 11 දෙනෙකුට කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ චෝදනා 13ක් යටතේ අධිචෝදනා ගොනු කර ඇති අතර, විත්තිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් ලබන සතියේ සිතාසි නිකුත් කිරීමට නියමිතය.
නඩුවේ එක් විත්තිකරුවකු හැර අනෙක් සියලු දෙනා දැනට ඇප මත නිදහස්ව සිටිති.
මේ අතර, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රඹුක්වැල්ලට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අධිචෝදනා ගොනුකර ඇත.
ඔවුන්ට චෝදනා 43ක් යටතේ අධිචෝදනා ගොනු කර තිබේ.
තමන් පාර්ලිමේන්තුවට පැමිණියේත් බෙන්ස් කර් එකක බවත්, යන්නේත් බෙන්ස් එකකින් බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල 2022 මැයි 19 වැනිදා පාර්ලිමේන්තුවේ කතාවක් පවත්වමින් ප්‍රකාශ කළේය. ඔහු කීවේ තමන්ගේ නිවස ඊර්ෂ්‍යාකරුවන් විසින් ගිනිබත් කළ බවයි. තමන්ගේ සුවිසල් නිවස ගැන ඉරිසියාවෙන් නිවස ගිනිතැබූ බවත්. ‘යකෝ මූ මහාරජා කෙනෙක් වගේනේ ජීවත්වෙලා තියෙන්නේ.‘ කියා කියමින් ගිනිතැබූ බවත් ඔහු කියා තිබුණි. කෙසේ වෙතත්, ඔහු එහිදී නොතැකූ කරුණ වූයේ, ඔහුගේ නිවස ගිනිබත් කිරීමට හේතුව ඔහු ඇතුළු පිරිස විසින් සිදුකර ඇති වංචා දූෂණ පිළිබඳ විවේචනය බවය.

චමල්ව අත්අඩංගුවට ගැනීමෙන් වැලකී සිටීම සදහා ඕනෑකමින් ම ජනාධිපති කාර්යාලය විසින් මෙම තොරතුරු නිකුත්කරාද දන්නෙ නැහැ.
කෙහෙලිය මැරෙයි දැන් අයියෝ 😂😂මැරිලා යනවාන්ම් හොරාකාපු සල්ලිත් දීලා යන්න……