ඉදිරි දින වල විමසිල්ලෙන් ඉන්න… ආරක්‍ෂිත උපදෙස් පිළිපදින්න…

ඉදිරි දිනවල ඊශ්‍රායලයේ නාගරික කලාප වෙත එල්ල විය හැකි ප්‍රහාරයන් පිළිබඳව ඉතා විමසිලිමත්වන ලෙස හා රජය විසින් ලබා දෙන ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ඉල්ලා සිටිනවා.

ඊශ්‍රායාලයේ වර්තමානතත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් ඔහු සඳහන් කර සිටියේ ඊයේ දිනය පුරා, මධ්‍යම රාත්‍රියේ හා අද (21) උදෑසන 02.35 ට ද ඊශ්‍රායලයේ ප්‍රධාන නගර ඉල්ලා කරමින් ඉරාන බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන පාහරයන් එල්ල කරන ලද බවයි.
පෙරට වඩා බොහෝ නාගරික කලාපවල ජීවත් වන පිරිස් ආරක්‍ෂිත ස්ථානවල රැකවරණය ලැබීමට කටයුතු කරන අතර එල්ල කළ ප්‍රහාර වලින් හයිෆා හා මධ්‍යම ටෙල් අවිව් කලාපවල ගොඩනැගිලි ගණනාවක් ගිනි ගෙන ඇත.

ඊයේ රාත්‍රියේ ඊශ්‍රායල භූමියෙන් පිටත උතුරු ඊශ්‍රායලයේ වෙරළට ඔබ්බෙන් ඉරානය විසින් එවන ලද ඩ්‍රෝන යානයක් ඊශ්‍රායල් ගුවන් හමුදාව විසින් තම ග්‍රහණයට ගන්නා ලදී.

ඉරාන මිසයිල ප්‍රහාර හේතුවෙන් හයිෆාහි 31 ක් පමණ තුවාල ලබා ඇති අතරට ඊයේ දහවල් හයිෆා නගරයට එල්ල වූ තවත් ඉරාන මිසයිල ප්‍රහාරයකින් හයිෆා හි දෙවන පැරණිතම මුස්ලිම් පල්ලියට හානි සිදු වී ඇත.
ඊශ්‍රායලයේ විසා නොමැති විදේශිකයන් ඊජිප්තුවට ඇතුල්වීමේ දී දීර්ඝ ප්‍රශ්න කිරීම් හා අත්අඩංගුවට ගැනීම් පවා සිදුවන වේ. එම නිසා හදිසි තත්ත්වය මත වුවද වීසා නොමැතිව හෝ වීසා කල් ඉකුත් වූ ශ්‍රී ලාංකිකයන් ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට පිටත් නොකරන බව නිමල් බණ්ඩාර මහතා වැඩි දුරටත් සඳහන් කර ඇත.
එසේම ඊයේ දිනය තුළ දෙදෙනෙකු නැවත ශ්‍රී ලංකාව බලා පිටත්වීමට තානාපති කාර්යාලයට පැමිණ අදාළ ලියකියවිලි ලබා ගෙන ඇත.

ඊශ්‍රායලයේ සේවය කොට දැනට ශ්‍රී ලංකාවට නිවාඩු සඳහා ගොස් සිටින පිරිස් විදේශ කටයුතු අමාත්‍යංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උපදෙස් පරිදි කටයුතු කරන ලෙස නිමල් බණ්ඩාර මහතා වැඩි දුරටත සඳහන් කර ඇති අතර අද දින ඊශ්‍රායලයේ නිවාඩු දිනයක් වුවද ශ්‍රී ලංකාව බලා යාමට අපේක්ෂා කරන පිරිස වෙනුවෙන් සේවා සැපයීමට තානාපති කාර්යාලය විවෘතව පවතින බව දන්වා සිටී.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading