දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳී ඇති පරිපාලන ගැටළු මත පදනම්ව මෙම සතියේ පැය 48 ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ශ්‍රී ලංකා දුම්රිය ආරක්ෂක සංගමය අද (17) නිවේදයක් නිකුත් කරමින් පවසනවා.
මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතු ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ,
1 දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක (ප්‍රවාහන/වාණිජ) තනතුර සඳහා බඳවා ගැනීමේ ප්‍රමාදයන්
2 විශේෂ නියාමන පන්තියේ උසස්වීම් ලබා දීමේ ප්‍රමාදයන්
3 විශේෂ නියාමන පන්තියේ නොවිසඳුනු වැටුප් ගැටළු
4 දෙපාර්තමේන්තු පරීක්ෂණ පැවැත්වීමේ ප්‍රමාදයන්
5 කාර්යක්ෂමතා කඩඉම් සහන ලබා දීමේ ප්‍රමාදයන්
6 ඇතැම් කාර්යාලවලට සේවකයින් පත් කිරීමට අපොහොසත් වීම
7 සුභසාධන කටයුතුවලට අදාළ ඉල්ලීම් පොරොත්තු
8 නියාමන තනතුරේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවය සඳහා භාවිතා කරන උසස්වීම් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ඉල්ලා සිටීම
9 ශ්‍රී ලංකා පරිපාලන සේවය සඳහා අයදුම් කිරීමට තවත් අවස්ථාවක් ඉල්ලා සිටීම
යන ගැටලු සම්බන්ධයෙන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගන්නා බවත් මෙම ගැටළු පිළිබඳව අදාළ නිළධාරීන්ට දැනුම් දී ඇති බවත් ඔවුන් පවසනවා.
ඒ අනුව ජුනි 20 වන සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට සංකේතාත්මක වැඩ වර්ජනයක් දියත් කරන බව දුම්රිය ආරක්ෂක සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

රජයට කියන්නේ, ඔය ඉල්ලීම් දෙනවනම් හොඳටම ප්‍රමාද කරලා දෙන්න. ප්‍රමාදය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා දුම්රිය දෙපාර්තමෙන්තුවට තාමත් කිසිම අදහසක් නෑ