කොළඹ පුරපති සටන-සර්වජන බලයේ සහාය විපක්ෂයට

කොළඹ මහ නගර සභාවේ, නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්වජන ලය තීරණය කර තිබෙනවා.

එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සිය x ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, පක්ෂ විධායක කමිටුව විසින් එම තීරණය ගත් බවයි.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම අද (16) මේ වන විට ආරම්භ වි තිබෙනවා.

ඒ අනුව නගරාධිපති තේරිම සඳහා ජාතික ජන බලවේගය විසින් ව්‍රයි බර්තසාල් ගේ නම යෝජනා කල අතර සමගි ජන බලවේගයෙන් රීසා සාරුක් ගේ නම් යෝජනා කෙරුණා.

Author

Related Posts