හිටපු අමාත්‍ය දයා ගමගේගේ දේපල වෙන්දේසියට…

හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බව කියන ආයතන තුනක් ජූලි 2 දා උදේ 10.00 ට ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය නියම කර ඇත.

දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ් (Daya Apparel Export (Pvt) Ltd.) සහ ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් (Olympus Construction (Pvt) Ltd.) යන ආයතන මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතව ඇතැයි කොළඹ වාණිජ මහාධිකරණයේ නියෝජ්‍ය පිස්කල්වරයා විසින් පුවත්පත් ඔස්සේ ප්‍රසිද්ධ කළ දැන්වීමක් මගින් දන්වා ඇත.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අයවිය යුතු දස කෝටි හතළිස් දෙලක්ෂ විසිනව දහස් තුන්සිය හතළිස් දෙකක (104,229,342) මුදලක් අයකර ගැනීමේ අරමුණෙන් මෙලෙස ප්‍රසිද්ධ වෙන්දේසි කිරීමකට තීන්දු කර ඇත. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අය විය යුතු දසකෝටි අසූතුන් ලක්ෂ නවදහස් තුන්සිය හතළිස් දෙකක (108,309,342) මුදලින් රුපියල් හතළිස් ලක්ෂ අසූදාහක (4,080,000) පමණ මුදලක් වගඋත්තරකරුවන් විසින් ගෙවා ඇති නිසා ඉතිරිය අය කරගැනීමේ අරමුණින් මෙලෙස වෙන්දේසි කරන බව දැනුම් දී තිබේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading