CID කණ්ඩායම් 28ක් බන්ධනාගාර වලට යොමු කරයි…

ජනාධිපති සමාව අවභාවිත කර රැඳවියන් නිදහස් කිරීමේ සිද්ධියට අදාළ විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 28ක් බන්ධනාගාර වල යොමු කර ඇත. එම කණ්ඩායම් විසින් බන්ධනාගාර වල තිබෙන ලේඛන රැසක් පරීක්ෂා කරනු ඇති බව පොලීසිය සඳහන් කරයි.

වෙසක් පොහොය දිනයේ ජනාධිපති සමාව යටතේ රැඳවියන් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට රට තුළ දැඩි  ආන්දෝලනාත්මක තත්වයක් මතුව ඇත.

සිද්ධිය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගැනුණු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ලබා 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අනුරාධපුර බන්ධනාගාර අධිකාරී නුවන් කරුණාරත්න මහතා හෙට දින දක්වා රක්ශිත බන්ධනාගාර සිටී.  

මේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය හමුවේ මෙලෙස ලියකියවිලි පරික්ෂා කිරීමටත් ප්‍රථම බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක ඉල්ලා සිය අස්වීම භාර දී ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading