රටවල් 12ක පුරවැසියන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝගයක් නිකුත් කර ඇති අතර තවත් රටවල් හතකට සීමා පනවා ඇත. ඒ අනුව එම නියෝගය බලාත්මක රටවල් ලෙස ඉරානය, ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝ ජනරජය, ගිනියාව, එරිත්‍රියාව, හෙයිටි, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය නම් කර ඇත.
තහනමට අමතරව, බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන රටවල ජනතාවට දැඩි සීමාවන් පනවා ඇත.
ට්‍රම්ප් සිය නියෝගයේ “එක්සත් ජනපදයේ සහ එහි ජනතාවගේ ජාතික ආරක්ෂාව සහ ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමට මම ක්‍රියා කළ යුතුයි,” යනුවෙන් සඳහන් කර ඇති අතර මෙම නියෝගය 2025 ජුනි 9 වන සඳුදා වොෂින්ටන් ඩීසී හි වේලාවෙන් පෙ.ව. 12:01 ට (GMT 04:01) බලාත්මක වේ. එම දිනයට පෙර නිකුත් කරන ලද වීසා අවලංගු නොකරන බව නියෝගයේ සඳහන් වේ.
