මම අරමුදලේ සල්ලි ඉල්ලුවෙත් නැහැ!ලියවිලිවලට අත්සන් කරලත් නැහැ-දයාසිරි

ආණ්ඩුව මේ ගෙනියන වැඩපිළිවෙල මන්ත්‍රිවරුන් ලැජ්ජාවට පත් කිරිමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඊයේ(05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  ජනධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා පැමිණියා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපති අරමුදලින් තමාට ලැබි තිබෙන්නේ රුපියල් ලක්ෂ පහක මුදලක් පමණක් බවයි.

එහිදි දයාසිරි මහතා පෙන්වා දුන්නේ තමා විසින් මෙම මුදල කිසිවිටකත් නොඉල්ලු බවත් කිසිදු ආකාරයේ ලියවිල්ලකට අත්සන් නොකල බවත් ය.

ලක්ෂ5ට වැඩිය ලබාගත් සාමාන්‍ය ජනතාවගේ තොරතුරු තමා සතුව පවතින බව පැවසු ඔහු තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

අද මට කැඳවිමක් තිබුණා ජනාධිපති අරමුදල පිලිබඳව යම් කටඋත්තරයක් දෙන්න කියලා.මේ රටේ ජනාධිපති අරමුදලෙන් මුදල් ගැනිම මන්ත්‍රිවරයෙකුට නවත්තල තියන එකක් නෙමෙයි.තහනමකුත් නැහැ.එහෙම තහනම් නියෝගයක් තහනම් වචනයක් පනතෙත් නැහැ.ඒ වගේම ආණ්ඩුව බොහොම පැහැදිලිව අපිට ගහපු මඩ ප්‍රහාරයක් මේ තියෙන්නේ.2019 විගණකාධිපති වාර්තාවේ මේ සම්බන්ධයෙන් වරදක් නැත්තම් මේ සම්බන්ධ පරික්ෂණයක් කරන්නේ 2025.මේක බොහෝම පැහැදිලිව දේශපාලන පළිගැනිමක්.දේශපාලන වශයෙන් මන්ත්‍රිවරුන් ලැජ්ජාවට පත්කරන්න කරන වැඩක්.මට ලැබිලා තියෙන්නේ රුපියල් ලක්ෂ5යි.මම ඒ ලක්ෂ5 මුදල ඉල්ලලත් නැහැ.කිසිම ඩොකියුමන් එකකට අත්සන් කරලත් නැහැ.ඒක දීලා තියෙන් මෛත්‍රිපාල ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා විදියට ඒකට බලය තියනවා.ඒ විතරක් නෙමෙයි එතනින් පස්සේ ලබා දුන්න මුදල අනුමත කරලත් තියනවා ජනාධිපති අරමුදල් කමිටුව විසින්.එහි ඉන්නවා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා විපක්ෂනායකවරයා ඇතුළු ජනාධිපතිපත්කරන තව දෙදෙනෙකු හා ජනාධිපති ලේකම්වරයා.කමිටුවෙන් අනුමත කරාට පසුව අභියෝග කරන්න බැහැ.නමුත් ලක්ෂ5ට වැඩිය මුදල් ගත්ත සාමාන්‍ය මිනිස්සුන්ගේ තොරතුරු අපි ගාව තියනවා.සැහෙන පිරිසක් ඉන්නවා.මෙකෙන් අපිට විශාල හානියක් සිද්ධ වුනා.මෙක ගැන cid එක පරීක්ෂාකරලා ඊලඟට ගන්න පියවර මොකද්ද කියලා අපි බලමු.මේ ආණ්ඩුව මන්ත්‍රිවරුන්ගේ චරිත විනාස කරන්න ගෙනාපු වැඩපිලිවෙලක්…..

Author

1 Comment

Comments are closed.

Related Posts