ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් පිළිබඳ අපහසාත්මක සහ අසත්‍ය කරුණු ප්‍රකාශ කළ ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට එරෙහිව එන්තරවාසි යැවීමට කටයුතු කරන බව එම නියෝජ්‍ය අමාත්‍යවරයාට සමීප ආරංචිමාර්ගයක් පැවසීය. මීට අමතරව ඥාණසාර හිමි කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා අමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත ලිපියක්ද යොමු කර තිබේ.
එම ලිපිය යොමු කිරීමෙන් අපේක්ෂා කර ඇත්තේ ඥාණසාර හිමි කර තිබෙන චෝදනාවල සත්‍ය අසත්‍යතාව විමසීම බව වාර්තා වේ.
එහිදී ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, නියෝජ්‍ය අමාත්‍යවරයා මවුලවිවරයෙක් බවත් මවුලවිවරුන් යනු දෙවියන් උදෙසා මරාගෙන මැරෙන පිරිසක් බවත් හැඟවෙන ආකාරයට අදහස් දක්වා තිබුණි. එය ඉතා පැහැදිලිව මුස්ලිම් ජනතාව පිළිබඳ මෙන්ම නියොජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ජනතාව කුපිත කරවීමේ අරමුණින් කර ඇති ප්‍රකාශයක් බව පෙනී යයි.
කෙසේ වෙතත්, සමාන්‍ය මුස්ලිම් පූජක පදවිය වන මවුලවි තත්වය දරණ පුද්ගලයන් එවැනි මරාගෙන මැරෙන පුද්ගලයන් ලෙස හැඳින්වීම පැහැදිලිව සාවද්‍ය ප්‍රකාශයකි. නැවත බෝම්බ පිපිරිය හැකි බව හඟවමින් සිංහල ජනතාව අතර මුස්ලිම් ජනතාව කෙරෙහි කෝපයක්, සැකයක් සහ බියක් ඇතිවෙන අකාරයෙන් එම හිමියන් අදහස් දක්වා තිබුණි.
එහිමියන්ගේ අදහස් දැක්වීම්වලින් කොටසක් මෙසේය.
‘දැන් අපට බැලූ බැල්මට පේනවා මේ ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිලා නෑ. එක්කෙනෙක් ඉන්නවා. කවුද? මුනීර් මුලෆ්ෆර්. කවුද මේ. අදටත් නිට්ටඹුවේ තන්වීර් ඇකඩමිය භාරව කටයුතු කරන මවුලවිවරයෙක්. දෙවියන් උදෙසා මරගෙන මැරෙන්න ඕනෑ කියලා මත දරණ ඇමති කෙනෙක්. මම නිහඬව හිටියා. රණවිරුවන්ගේ නාමයෙන් කියන්නේ ජනාධිපතිවරයාගේ නාමයෙන් වගකියන්න ඕනෑ මුස්ලිම් අන්තවාදීන් බෝම්බයක් පිපිරුවොත්…‘
ආරංචිමාර්ග ප්‍රකාශ කළේ එම වෛරී ප්‍රකාශය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මැයි 23 වැනිදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්ද සිදු කරනු ඇති බවයි.

නිතිය ක්‍රියාත්මක කලයුතුයි
ඤාණසාර වනාහි පිළිකාකි