කොටහේන දැරිය: විදුහල්පතිනිය සම්බන්ධයෙන් ගත් තීරණය

සිය දිවි නසා ගත් කොළඹ කොටහේන ප්‍රදේශයේ සිසුවිය දහය ශ්‍රේණියේදී අධ්‍යාපනය ලැබූ බම්බලපිටිය රාමනාදන් හින්දු විදුහලේ විදුහල්පතිනිය අධ්‍යාපන අමාත්‍යාංශයට මාරු කර තිබෙනවා.

ඒ අනුව එම පාසලේ විදුහල්පති ධුරයේ වැඩ බැලීම සඳහා අමාත්‍යාංශයේ නිලධාරිනියක් පත් කර තිබෙන බව පැවසෙනවා.

එම පාසලේදී ගුරුවරයෙකුගෙන් දැරියක් පසුගිය වසරේදී අපයෝජනයට ලක් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ මත විදුහල්පතිනිය අමාත්‍යාංශයට මාරු කර යවා තිබෙනවා.

පරීක්ෂණ සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති අතර එම ගුරුවරයා ද මේ වන විට අනිවාර්ය නිවාඩු යවා තිබුණා.

Author

Related Posts