නාමල්ලා සජිත්ලා සිය බලවේග රනිල්ට පාවාදෙයි! නල්ලමලේ අනාගත නායකයන්, මල්පාරට බඩගා කළ කුමන්ත්‍රණය මෙන්න!

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ගැන කුමන්ත්‍රණකාරී සාකච්ඡා වෙනුවෙන් නාමල් රාජපක්ෂ, සමගි ජන බලවේගය නියෝජනය කරන නලින් බණ්ඩාර ඇතුළු පිරිසක් මල්පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයට ගොස් තිබේ.

ඒ අනුව පළාත් පාලන මැතිවරණයේදී දෙවැනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් සමගි ජන බලවේගය මෙන්ම තුන්වැනි තැනට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් නාමල් රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහට ආධිපත්‍යය ලබාදෙමින් ඒ න්‍යායපත්‍රය අනුව වැඩ කරමින් සිටී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයට ප්‍රතිවිරුද්ධ දේශපාලනයක් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන අතර, සමගි ජන බලවේගය වෙනම පක්ෂයක් බවට පත්වූයේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය පිළිබඳ විවේචන සහිතවය.

‘අපි සියලුදෙනා ජාතික ජන බලවේගයට විරුද්ධ වීම යන ස්ථාවරය මත එකට වැඩ කිරීම ගැන සාකච්ඡා කළා‘ යනුවෙන් හරීන් ප්‍රනාන්දු මෙම හමුව ගැන අදහස් දක්වමින් ඩේලි මිරර් පුවත්පතට කියා තිබේ.

එහිදී ගනු ලැබූ තීරණයකට අනුව බලය පිහිටුවන පළාත් පාලන ආයතනවලට අදාළ නාම ලේඛන සකස් කිරීම සඳහා අදාළ පක්ෂ වල මහ ලේකම්වරුන් මැයි 15 වැනිදා රැස්වීමට නියමිතය.

හිටපු ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, පොදු ජන එක්සත් පෙරමුණු නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි තිගාම්බරන්,ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් අසංක නවරත්න, සුගීෂ්වර බණ්ඩාර, වීර කුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රේමනාත් .සී දොළවත්ත, නිමල් ලංසා, මොහොමඩ් මුසම්මිල්, එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් එහි සභාපති වජිර අබේවර්ධන,මහලේකම් තලතා අතුකෝරළ, ජාතික සංවිධායක සාගල රත්නායක, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්වරු සහභාගී වී තිබේ.

ජාතික ජන බලවේගයට බහුතර ආසන ප්‍රමාණයක් ඇති පළාත් පාලන ආයතන වල බලය, කුමන්ත්‍රණකාරී ලෙස ලබා ගැනීම උදෙසා විපක්ෂයේ පක්ෂ අතර සාකච්ඡා කැඳවීමත්, මෙම කණ්ඩායම් අතර ඒකාබද්ධ රැස්වීම් කැඳවීමේ කාර්යභාරයත් හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට මෙහිදී පවරා ඇත. මාලිමාවට එරෙහිව සිටින සියලු කණ්ඩායම් සමඟ ඉදියේදී සාකච්ඡා කොට බලය පිහිටුවීමට අමතරව ඒකාබද්ධව කටයුතු කිරීමටත් මෙහිදී තීරණය වූ බව වාර්තා වේ.

Author

1 Comment

  • Opposition should be united and there is nothing wrong. People will decide at a future election as to who should be the next Leader.

Comments are closed.

Related Posts