Breaking: නව පාප්වහන්සේ පත්කෙරේ

දෙදිනක් පැවති පාප්වරණයකින් අනතුරුව අභිනව පාප් වහන්සේ ලෙස අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් පත්වුවා..

වතිකානයේ වේලාවෙන් අද (8) පස්වරුවේ තේරී පත්වු උන් වහන්සේ ලියෝ පාප් වහන්සේ ලෙසින් නම්කර තිබෙනවා.

69 වන වියේ පසුවන උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයා වනවා.

ඒ අනුව බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාව වෙනුවෙන් උන් වහන්සේ නායකත්වය දෙනු ඇති.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව අභිනව පාප් වහන්සේ තෝරාගනු ලැබුවා.

Author

Related Posts