හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එළඹෙන සඳුදා (28) පෙරවරු 9:30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥයින් එම කොමිසමට දැනුම්දී තිබෙනවා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් සිදුකර තිබූ අදහස් දැක්වීමක් පිළිබඳව ප්රකාශයක් ලබාදීම සඳහායි.
කොමිසම හමුවේ පෙනි සිටිම සඳහා රනිල් මහතා හට මීට පෙර දැනුම්දුන් අතර එහිදී තමන් හා නිතිඥවරයා අවුරුදු සමයේ කොළඹින් බැහැරව සිටින බවත් ඉන්පසුව පැමිණෙන බවත් දැනුම්දි තිබුණා.
පසුව ඔහුට අල්ලස් කොමිසම මඟින් අද (25) දිනයේ පැමිණෙන ලෙස දැනුම් දී තිබු අතර එවිට සිය නීතීඥවරයා විදෙස්ගතව ඇතිබැවින් ඔහු දිවයිනට පැමිණි විගස තමා අල්ලස් කොමිසමට පැමිණෙන බවයි.
