නුවරටත් දරන්න පුලුවන් ප්‍රමාණයක් තියනවා!කියනකම් එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ මොහොතේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වනවිටත් ලක්ෂ 3කට වඩා වැඩි සැහැදැවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින් එම තීරණය ගත් බවයි.

තවදුරටත් සැදැවතුන් මහනුවර නගරයට ඇතුළු වුවහොත් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් මෙම ඉල්ලීම සිදුකරන බව ද ඒ මහතා පවසා සිටියා.

”මහනුවර නගරය සීමා සහිත නගරයක්.මේ නගරයටත් දරන්න පුලුවන් ප්‍රමාණයක් තියනවා.දැන් ඉන්න ජනතාව ඇති හොදටම මහනුවර නගරයට දරන්න.ආහාර පාන සැපයුවද සනිපාරක්ෂක පහසුකම් සැපයිම කියන කාරණය යටතේ දුෂ්කර තත්වයක් තියනවා.තවදුරටත් ජනතාව මහනුවරට පැමිණියහොත් සෞඛ්‍ය ගැයලු මෙන්ම ආපදා තත්වයන් ඇතිවෙන්ව පුලුවන්.ඒ නිසා මහජනතාව ගැන හිතලා අපි කියනවා නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරටය එන්න එපා කියලා….”

මේ වන විට දළදාව වන්දනය සඳහා යොදා තිබු විශේෂ දුම්රිය ද අත්හිටුවා තිබෙනවා.

Author

Related Posts