මළ සිරුරක් පැහැරගත් සිව්දෙනෙකු අත්අඩංගුවට

බණ්ඩාරගම දිසා රෝහල භාරයේ තිබූ මළ සිරුරක් පැහැරගත් පිරිසෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු පැය කිහිපයක් තුළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරගම පොලිසිය පැවසුවේ, මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර, මියගිය පුද්ගලයාගේ පුත්‍රයා සහ ඥාති දියණියක් ද වන බවයි.

ඊයේ (16) රාත්‍රීයේ බණ්ඩාරගම අලුත්ගම ගම්මාන පාරේ යතුරුපැදියක් සමග මුහුණට මුහුණ ගැටී පැදිකරුවන් දෙදෙ‌නෙකු තුවාල ලබා ඇති අතර, මියගිය පුද්ගලයා බරපතල තුවාල ලබා සිටියදී බණ්ඩාරගම දිසා රෝහල වෙත රැගෙන එන විටත් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඉන් අනතුරුව මදවේලාවකට පසුව මියගිය පුද්ගලයාගේ ඥාතීන් සහ හිතවතුන් පහලොස්දෙනකුට අධික පිරිසක් යතුරු පැදි සහ තීරෝද රථ මගින් රෝහල් භූමිය කරා පැමිණ එකවරම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත කඩා වැදී වෛද්‍යවරුන්ට පරුෂ වචන කියමින් තර්ජනය කර කාර්ය මණ්ඩලයට හා හදිසි ප්‍රතිකාර ඒකකය තුළින් ඇඳන් පෙරලා දමා එහි ටොලිය මත දමා තිබූ මළ සිරුර බලහත්කාරයේ රැගෙන ට්‍රොලියක් සමඟ තල්ලු කරගෙන බණ්ඩාරගම හොරණ මාර්ගය කරා රැගෙන ගොස් ලොරියක පටවාගෙන පලා ගොස් තිබුණා.

Author

Related Posts