පාස්පෝට් හදන්න ගියේ ප්‍රසන්නගේ භූතය ද?

කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් කූඨ ලේඛන සකස් කර විකිණීම සම්බන්ධව අධිකරණ විසින් වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය දිනවල ගුවන් ගමන් බලපත්‍රය අලුත් කර ගැනීමට විදේශගමන් බලපත්‍ර කාර්යාලයටද ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහර අධිකරණයට දන්වා තිබෙනවා.

මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිරණයට දන්වමින් පවසා තිබුණේ ඔහු පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ රැස්වීම්වලටද සහභාගි වී තිබෙන බවයි.

ප්‍රසන්න රණවීර ගුවන්ගමන් බලපත්‍රය ලබාගැනිම සඳහා ගිය ආගමන විගමන කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ මහජන ආරක්ෂක අමාත්‍යංශයද පිහිටා තිබීම විශේෂත්වයක්.

පසුගිය වසරේ (2024) ගුවන් තොටුපලේ පොටර්වරයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් ප්‍රසන්න රණවිරහට චෝදනා එල්ල වුණා.

මීට අමතරව ප්‍රසන්න රණවීර පාර්ලිමේන්තු සභා ගර්භය තුළම මන්ත්‍රීවරුන්ට හා පොලිස් නිලධාරීන්ට පහරදීම මෙන්ම මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු ගැසීම සම්බන්ධයෙන් ද චෝදනා ලද පුද්ගලයෙක්

Author

1 Comment

  • වටිනා news එකක්. ස්තූතියි. තවද,
    අර බස් සඳහා දුන් මාස තුනක සමා කාලය නම් ඉවරයි. ඒ ගැන සඳහනක් නැද්ද 🤔

Comments are closed.

Related Posts