තිනියාවල පොලිසියේ බව පැවසෙන නිළධාරින් සිව් දෙනෙකු විසින් ඊයේ (06) රාත්‍රියේ තරුණයෙකු අත්අඩංගුවට ගෙන රැගෙන යාමට උත්සහ කර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන රැගෙන යාමට උත්සහ කර තිබුණේ අනුශ්ක ශෙහාන් නැමැති තරුණයෙක්. මෙම අවස්ථාවේදී ගම්වාසීන් විසින් සිදු කළ විරෝධය හමුවේ එම නිළධාරීන් සිව්දෙනා විසින් අනුශ්ක ශෙහාන් නැමැති මෙම තරුණයා අතහැර ගොස් තිබුණා.
එම අවස්ථාවේ මෙම පොලිස් නිළධාරීන් සිව්දෙනා බිමත්ව සිටි බවයි පැවසෙන්නේ.
පසුව මෙම තරුණයා ඊයේ දින සිට (06) රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිට තිබු අතර මෙම සිදු විමේ විඩියෝව තම මුහුණු පොත් පළ කරමින් බලදාරීන්ගේ සහය අවශ්‍ය බව පවසමින් සටහනක්ද එක් කර තිබුණා.
එලෙස පළකල වීඩියෝව ප්‍රචාරය විමත් සමඟ මිට සුලු මොහොතකට පෙර සිවිල් හැඳගත් පුද්ගලයන් තිදෙනෙකු තිනියාවල පොලිසියේ බව පවසමින් රෝහලට වෙත පැමිණ තිබෙනවා.
පසුව ඔවුන් මෙම තරුණයාව ප්‍රශ්න කර රැගෙන ගොස් තිබෙන බවට වාර්තා වනවා.
මේ වන විට මෙම තරුණයා පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවයි පැවසෙන්නේ.

[…] තරුණයෙක් අතුරුදහන්;පොලිසිය බව කියමින… […]