කච්චතිව් අයිතියට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය

කච්චතිව් දූපත පවරාදීම සම්බන්ධයෙන් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ගිවිසුම්වලට එරෙහිව අභාවප්‍රාප්ත හිටපු අභියෝගක පෙත්සම්කරු ලෙස තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එම්. කරුණානිධි වෙනුවට ඩී. එම්. කේ. පක්ෂ නායක ටී. ආර්. බාලු පත් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.

ඊයේ (25) දිනයේදී මෙම නියෝගය නිකුත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

1974 වසරේ ජුනි මස 26 සහ 28 යන දිනවල ඇති කරගත් ගිවිසුම් සහ 1976 වසරේ මාර්තු 23 වනදා ඇති කරගත් තවත් ගිවිසුමක් හරහා කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට භාරදීමට සම්බන්ධ සන්නිවේදනයන් ව්‍යවස්ථා විරෝධී සහ අවලංගු බවට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මූලික කරුණු ඉදිරිපත් කිරීමක් සිදුකර තිබෙනවා.

අදාළ මූලික කරුණු ඉදිරිපත් කිරීම වෙනුවෙන් අගවිනිසුරු සංජීව් කන්නාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාග කර තිබෙන බව සඳහන්.

ඒ අනුව අදාළ නඩුව 2025 සැප්තැම්බර් 15 වනදා විභාගයට ගැනීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

Author

1 Comment

  • දීල දාපන්කො. ඇති වැදගත් කමකුත් නෑ. වාර්ශිකව ඉන්දියන් කාරයොන්ටාඅතල් දෙන්න විශාල මුඳල් ප්‍රමාණයක් නාස්ති කටනව අනවශ්‍යය විදිහට. අනවශ්‍යය තැනක. අවම පහසුකමක්වත් කරගන්න බැරි තැනක. ලංකාවෙ ඉන්න බැතිමත්තු විශාල සංඛ්‍යයාවක් අපහසුතාවයටපත්වෙනව. ඔය මංගල්‍යය ඇයි බැරි තලවිල පල්ලියේ ලොකුවටම කරන්න. ඔය දූපත නිකන් දෙනව වෙනුවට මොනා හරි ප්‍රතිලාභයක් අරගෙනම දීල දැම්මනම් ඉවරයි. පල්ලිය තියන බව ඇත්ත. ඒක ස්ද්ධීවර ජනතාව සිරිතක් විදිහට යන තැනක්. අපේ මිනිස්සුන්ට හොඳට වදින්න රටඇතුලෙම තැනක් හොඳට හදල ඔතන හලල දැම්මනම් ඉවරයි. වාර්ශිකව මිනිස්සුන්ගෙන් වැයවෙන විශාල බදු මුඅලක් ඉතුරුයි.

Comments are closed.

Related Posts