Breaking:දේශබන්දුගේ පෙත්සම විසිකරලා

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි W 15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා‍ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද (17) නිෂ්ප්‍රභ කර තිබෙනවා.

පෙත්සම නිශ්ප්‍රභ කරමින් දේශබන්දු තෙන්නකොන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙන අතර රුපියල් 10,521ක දඩ මුදලක් ගෙවිමටද වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නියෝග කළා.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝග නිකුත් කරන ලෙස ඉල්ලිම් රාශියක් තිබුණද එම සියලුම ඉල්ලීම් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව නීතියට අනුකූල බවත්, එම නියෝගයට බලපෑම් කිරීමට අභියාචනාධිකරණය බලාපොරොත්තු නොවන බවත් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෆාර් තාහීර් මහතා ප්‍රකාශ කර සිටියා.

මීට අමතරව දේශබන්දු තෙන්නකෝන් හට සැගවි සිටිමට උදව්කළ අය සඳහාද නීතිය ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

Author

1 Comment

  • නිතිය දැන් ඉතින් ක්‍රියාත්මක කල යුතුය

Comments are closed.

Related Posts