ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට අදාළ සාක්ෂි වසන් කිරිමේ චෝදනා ලබා සිටින චූදිතයන් තිදෙනා නිදහස් කිරීමට නීතිපතිවරයා කර ඇති නිර්දේශයට විරෝධය පළ කරමින් අද (06) කොළඹ නීතිපති දෙපාර්තුමේන්තුව අසළ නිහඬ විරෝධතාවයක් පැවැත්වුණා.
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කළ මෙම විරෝධතාවය සඳහා මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මෙහිදී, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නීතිපතිවරයාට සිය ඉල්ලීම් ඇතුළත් ලිපියක් භාර දීමට යෑමට උත්සාහ කළත් පොලීසිය විසින් එය වැළැක්වීමට කටයුතු කරනු ලැබුවා.
කෙසේවෙතත්, පසුව නීතිපති දෙපාර්තුමේන්තුවේ නියෝජිත නිලධාරියෙකු වන කණිෂ්ක රාජකරුණා එම ලිපිය භාර ගත්තා
එම අවස්ථාවේදී ඔහු, “අපි වින්දිතයන්ට හෝ පුරවැසියන්ට උත්තර දෙන්න බැඳිලා නෑ ; ඕන නම් උසාවි යන්න” යනුවෙන් එම ස්ථානයට පැමිණ සිටි ලසන්ත වික්රමතුංගගේ සහෝදරයා වන ලාල් වික්රමතුංගට සහ ජනමාධ්‍යවේදීන් වෙත පවසා තිබුණා.
කෙසේවෙතත්, ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශයේ 202වන පිටුවේ “විමර්ෂණ ක්‍රියාවලියෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩු නොපැවරීමට කටයුතු කරන්නේ නම් ඊට හේතු අතෘප්තියට පත් පාර්ශවය වෙත දැනුම් දිය යුතුය..” යනුවෙන් සඳහන් වෙනවා.

We have answered