අරගලය පැවැති 2022 වසරේ ගිනි ගත් නිවාස වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයෙන් ලබාගත් වන්දි මුදල් පිළිබඳ ලැයිස්තුව අද (06) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හෙළි කළා.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මන්ත්‍රීවරුන් 43 දෙනෙකු ලබාගෙන ඇති වන්දි මුදල්වල සමස්ත වටිනාකම රුපියල් කෝටි 122.41ක් බවයි.
මේ අතරින්, කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් ලක්ෂ 959ක් වන්දි මුදල් ලෙස ලබාගෙන ඇති අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 934ක්, ගාමිණි ලොකුගේ රුපියල් ලක්ෂ 749ක්, අලි සබ්රි රහීම් රුපියල් ලක්ෂ 709ක් සහ නිමල් ලාන්සා රුපියල් ලක්ෂ 692ක් බැගින් රජයෙන් වන්දි ලබාගෙන ඇති බවයි.
සම්පූර්ණ ලැයිස්තුව පහතින්,
කපිල නුවන් අතුකෝරළ – රුපියල් 504,000
විමලවීර දිසානායක – රුපියල් 550,000
ගීතා කුමාරසිංහ – රුපියල් 972,000
ජනක තිස්සකුට්ටිආරච්චි – රුපියල් 1,143,000
ගුණපාල රත්නසේකර – රුපියල් 1,412,780
ප්‍රේමනාත් සී දොලවත්ත – රුපියල් ලක්ෂ 23යි
ප්‍රියංකර ජයරත්න – රුපියල් 2,348,000
සම්පත් අතුකෝරළ – රුපියල් 2,540,610
ජයන්ත කැටගොඩ – රුපියල් 2,814,800
විමල් වීරවංශ – රුපියල් 2,954,000
මහාචාර්ය චන්න ජයසුමන – රුපියල් 3,334,000
අකිල එල්ලාවල – රුපියල් 3,554,250
චමල් රාජපක්ෂ – රුපියල් 6,539,374
චන්දිම වීරක්කොඩි – රුපියල් 6,948,800
අශෝක ප්‍රියන්ත – රුපියල් 7,295,000
සමන් ප්‍රිය හේරත් – රුපියල් ලක්ෂ 105.2යි
ජනක බණ්ඩාර තෙන්නකෝන් – රුපියල් ලක්ෂ 105.5යි
රෝහිත අබේගුණවර්ධන – රුපියල් ලක්ෂ 116.4යි
විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ – රුපියල් ලක්ෂ 137.8යි
සහන් ප්‍රදීප් – රුපියල් ලක්ෂ 171.3යි
ශෙහාන් සේමසිංහ – රුපියල් ලක්ෂ 185.1යි
ඉන්දික අනුරුද්ධ – රුපියල් ලක්ෂ 195.5යි
මිලාන් ජයතිලක – රුපියල් ලක්ෂ 223යි
වෛද්‍ය රමේෂ් පතිරණ – රුපියල් ලක්ෂ 281යි
දුමින්ද දිසානායක – රුපියල් ලක්ෂ 288යි
කනක හේරත් රුපියල් ලක්ෂ 292යි
ඩී බී හේරත් – රුපියල් ලක්ෂ 321යි
ප්‍රසන්න රණවීර – රුපියල් ලක්ෂ 327යි
ඩබ්ලිව් ඩී වීරසිංහ – රුපියල් ලක්ෂ 372යි
ශාන්ත බණ්ඩාර – රුපියල් ලක්ෂ 391යි
එස් එම් චන්ද්‍රසේන – රුපියල් ලක්ෂ 438යි
සනත් නිශාන්ත – රුපියල් ලක්ෂ 427යි
සිරිපාල ගම්ලත් – රුපියල් ලක්ෂ 509යි
අරුන්දික ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 552යි
සුමිත් උඩුකුඹුර – රුපියල් ලක්ෂ 559යි
ප්‍රසන්න රණතුංග – රුපියල් ලක්ෂ 561යි
කෝකිලා ගුණවර්ධන – රුපියල් ලක්ෂ 587යි
මොහාන් පී ද සිල්වා – රුපියල් ලක්ෂ 601යි
නිමල් ලාන්සා රුපියල් ලක්ෂ – 692යි
අලි සබ්රි රහීම් – රුපියල් ලක්ෂ 709යි
ගාමිණි ලොකුගේ – රුපියල් ලක්ෂ 749යි
ජොන්ස්ටන් ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 934යි
කෙහෙළිය රඹුක්වැල්ල – රුපියල් ලක්ෂ 959යි
“අපිත් ඒ දවස්වල මාධ්‍යයෙන් දැක්කා සමහර ප්‍රාදේශීය ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලපෑම් කරලා තියෙනවා.. වන්දි වැඩියෙන් තක්සේරු කරන්න කියලා.,
,සාමාන්‍යයෙන් අපේ රටේ ස්වභාවික ආපදාවක් වුණත් පූර්ණ හානියක් වුණත් දෙන්න පුළුවන් උපරිම වන්දිය රුපියල් ලක්ෂ 25යි.”
“හැබැයි බලය අතේ තියෙන අය මේ වන්දිය අරගෙන තියෙන්නේ මෙහෙමයි.”
යනුවෙන් ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

විනාශ කරපු ගෙවල් වලට වන්දි දීමේ කිසි වරදක් නැත. නමුත් මෙච්චර වන්දි ගන්න තරම් ගෙවල් හැදුවේ කොහොමද කියල හොයල බලන්න ඕන..
ISB ගිවිසුම අත්සන් කලේ npp, Ranil කලේ IMF එක. මුන් ඔක්කොම එකතු වෙලා රට ට අතිශය අවාසිසහගත ගිවිසුම් ගැහුවා. රනිල්ගේ නැන්දලාල් මහින්ද සිරිවර්දන තමයි දැන් ඉන්නේ. පක්ෂ වහල්ලු නොවෙන්න. npp විදෙස් කුමන්ත්‍රණයක් වු අරග්ලයේදී සිදුවූ දේපල හානිය, මෙරට සිටින NGO වලින් වන්දි ලෙස ගන්න. ගිනිතිබූ එවුන්ගෙන් ගන්න.අපිට AKD NPP අත්සන් කල ISB ගිවිසුම ගැන විවාදයක් ඕනේ. එකග වුන IMF කොන්දේසි ගැන විවාදයක් ඕනේ.ඉන්දියාවේ හා චිනේ අත්සන් කල ගිවිසුම් ගැන විවාදයක් ඕනේ. ජාතික බෞතික සැලැස්ම පිලිබද විවාදයක් ඕනේ.රට පවාදීම් එපා