ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ප්‍රධාන අරමුණ මගීන්ට කාර්යක්ෂම සේවාවක් සැපයීම වුවද, 2023 දී දුම්රිය ගමන්වලින් සියයට 70 ක් නියමිත පරිදි සිදු වී නොමැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තවක සඳහන් වනවා.පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2023 කාර්ය සාධන වාර්තාවට අනුව, විගණන වර්ෂය තුළ සැලසුම් කර තිබූ දුම්රිය ගමන් 122,426 න් ගමන් වාර 36,771 ක් පමණක් සිදුවී ඇති බවයි පැවසනේනේ.මෙම කාලය තුළ අවලංගු කරන ලද දුම්රිය ගමන් සංඛ්‍යාව 10,531 ක්.වසර තුළ මගී දුම්රිය ගමන් 113,759 ක් සැලසුම් කර තිබුණද, කාලසටහනට අනුව ගමන් වාර 36,053 ක් පමණක් සිදුවී තිබෙනවා.වසර පුරා සිදු වූ දුම්රිය දෙපාර්තමේන්තුව තුළ වැඩ වර්ජන, බොහෝ විට ‘ප්‍රමාණවත් නොවන හේතු’ මත, මගීන් දැඩි අපහසුතාවයට පත් කර ඇති බවත්, එනම් දෙපාර්තමේන්තුවෙන් ඉහළ මට්ටමේ සේවාවක් ඔවුන්ට නොලැබුණු බවත් ජාතික විගණන කාර්යාලය තවදුරටත් නිරීක්ෂණය කර තිබෙන බව සඳහන්.
කෝච්චි ගමන් 122,426 න් ගමන් වාර 36,771 ක් ගිහින්
