කෝටි 27කට වඩා පොලු තැබූ කොළඹ නගර සභාවේ ‘කාර් පාර්ක්’

කොළඹ මහ නගර සභාවට අය විය යුතු රුපියල් කෝටි විසිහතකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇති, කොළඹ නගරයේ වාහන නැවතුම් ස්ථාන පාලනය කරන සමාගම් 26ක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවට මව්බිම පුවත්පත වාර්තා කරනවා.

මේ වන විට ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත නාගරික කොමසාරිස්වරයා විසින් වාර්තාවක් කැඳවා ඇති අතර එම වාර්තාවේ කරුණු සහ පැමිණිල්ල පෙන්වාදුන් කරුණු සලකා කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට තීරණය කර තිබෙන බවයි පැවසෙන්නේ.

මීට අදාළ පැමිණිල්ල යොමු කර ඇත්තේ, අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයයි.

එම සංවිධානය පෙන්වා දී ඇත්තේ, නගර සභාවට අයත් වාහන නැවතුම්පොළවල් සඳහා 2023 වසරේ සමාගම් 26ක් ගෙවිය යුතු හිඟ මුදල් වශයෙන් රුපියල් විසිකෝටි හතළිස්ලක්ෂයකි (204,164,110) එසේ හිඟ මුදල් ගෙවීමට තිබියදී එම සමාගම් සඳහා නැවත 2024 වසරේ වාහන නැවතුම්පොළවල් සඳහා බදු දී තිබෙනවා.

ඒ අනුව, 2024 වසරේ අප්‍රේල් මස අවසානය වන විට එම සමාගම් නගර සභාවට ගෙවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටිවිසිහයක් (264,859,471) පමණ වන බව පැමිණිල්ල මඟින් දක්වා තිබෙන බව සඳහන් වනවා.

ඉහත සඳහන් මෙම ගනුදෙනු සම්බන්ධව කිසිදු විනිවිදභාවයක් නොමැති නිසා ඒ සම්බන්ධව පරීක්‍ෂණයක් සිදුකරන ලෙස අල්ලස –දූෂණය නාස්තියට එරෙහිව පුරවැසි බලය සංවිධානය සභාපති ජාමුනි කමන්ත තුෂාර අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් පසුව අල්ලස් කොමිසම පරීක්ෂණ මේ ආකාරයට ආරම්භ කර තිබෙන බව කොමිෂන් සභාවේ නියෝගය පරිදි ලේකම් කේ.ජී. ලැනරෝල් ලිපියක් මගින් දන්වා තිබෙන බවයි පැවසෙන්නේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading