පොලිසියෙත් නවක වදය

ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකුට ලිංගික අතරව කිරීම, සාපරාධී බියගැන්වීම, කෘෘර ලෙස සැලකීම සහ අයුතු ලෙස සිරකර තැබීම ඇතුළු චෝදනා යටතේ අත්අඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තිස්සමහාරාම පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු ඔක්තෝබර් 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සිට සේවයට වාර්තා කළ අදාළ නවක පොලිස් කොස්තාපල්වරුන් තිදෙනාට සැකකරු විසින් නවක වදය ලබාදෙමින් මේ අකටයුතුකම් සිදු කර ඇත.

නවක වදයට ලක්වී ඇත්තේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සිට තිස්සමහාරාම පොලිසියට අනුයුක්ත කළ තිදෙනෙකු වන අතර නවක වදයට ලක්වූ නිලධාරීන් තිදෙනා තනිකඩ භට නිවාසයේ සිටියදී රැග් කිරීම යන බව කියමින් ජ්‍යෙෂ්ඨ පිළිවෙළට පෙළගස්වා නිරුවත් කළ බවට කොස්තාපල්වරයාට එරෙහිව ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත.

Author

1 Comment

Comments are closed.

Related Posts