හම්බන්තොටින් තවත් ඉඩම් චීනෙට

හම්බන්තොට සැලසුම් කර ඇති තෙල් පිරිපහදුවක ධාරිතාව පුළුල් කිරීමට චීනයේ Sinopec සමාගම සමාගම තීරණය කිරීමෙන් පසු ඒ සඳහා අමතර ඉඩම් ලබා දීමට සහ ජල සැපයුම සහතික කිරීමට ශ්‍රී ලංකා රජය එම සමාගම සමඟ සාකච්ඡා කරමින් සිටින බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබෙන්නේ පිරිපහදුව සඳහා ජල සැපයුම ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව කනස්සල්ලක් පවතින බවයි.

පිරිපහදුව සඳහා තවත් ඉඩම් අවශ්‍ය වන අතර ඒ සඳහා ආයෝජන මණ්ඩල ගිවිසුමක කොන්දේසි සංශෝධනය කරන බව ඔහු සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පාර්ශවයෙන් නිර්දේශ සහ තීරණ දැනටමත් යවා ඇති අතර Sinopec සමාගම මැයි මාසයේදී ඊට ප්‍රතිචාර දක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ද අමාත්‍යවරයා පවසා තිබුණා.

ඊට අදාළ ප්‍රතිපත්තිමය ගිවිසුම් ජුනි මාසය වන විට අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා තිබෙනවා.

Author

Related Posts