ඡන්ද ඇප මුදල් තැන්පත් ගාස්තු ඉහළට

මැතිවරණ සඳහා වන ඇප මුදල් තැන්පත් ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඊට අදාළ පනත් කෙටුම්පත සකස් කර පනත් කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ජනාධිපති සහ අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සඳහන්.

එහි ජනාධිපතිවරණ,පාර්ලිමේන්තු මැතිවරණ සහ පළාත් සභා පනතේ විධිවිධාන පරිදි වත්මන් ආර්ථික පසුබිමට ගැළපෙන ආකාරයෙන් ඇප සංශෝධනය කළ යුතු බව සඳහන් වනවා.

ඒ අනුව ජනාධිපතිවරණයට පක්‍ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකු සඳහා ඇප මුදල ලක්ෂ 26 දක්වාත් ස්වාධීන ජනපතිවරණ අපේක්ෂකයකු සඳහා ඇප තැන්පතුව රුපියල් ලක්ෂ 31 දක්වා ඉහළ නංවා තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 11000 දක්වාත් ස්වාධීන අපේක්ෂකයෙකු සඳහා ඇප තැන්පතුව රුපියල් 16000 දක්වාත් ඉහළ යනවා.

එහිදී පළාත් සභා ඡන්ද විමසීමට පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයකුට ඇප තැන්පතුව රුපියල් 6000 දක්වාත් ස්වාධීන අපේක්ෂක ඇප තැන්පතුව රුපියල් 11000 දක්වාත් ඉහළ නංවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading