රනිල් වික්‍රමසිංහ හැර පොහොට්ටුවට වෙනත් විකල්පයක් නැති බව කියමින් දැඩි ස්ථාවරයක සිටින ප්‍රසන්න රණතුංග අනුව ගොස් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිරීමට එක්වන ලෙස යෝජනා කරන්නට ගිය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීර මහතාට මැයිදින සංවිධාන කටයුතු වෙනුවෙන් රැස්වූ ගම්පහ ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
බියගම රොනායා රෙසිඩන්සිහි ඊයේ (07) පැවති මෙම සාකච්ඡාවට පොහොට්ටුවේ ප්‍රබලයින්වන රෝහිත අබේගුණවර්ධන, සාගර කාරියවසම්, ආනන්ද ගණේපොල ඇතුළු පිරිස සමභගීවි තිබෙනවා.
මේ අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයින් 300ක් පමණ එක් වී සිටි බවත් සිය කතාව අතරතුර රනිල් හැර වෙනත් විකල්පයක් නැතැයි ප්‍රසන්න රණවීර පැවසීමෙන් අනතුරුව සබාවෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වු බවට වාර්තා වනවා.
රනිල් ට වැඩ කරන ලෙස අපට කියන්නේ ඔබ රෙද්දක් ඇඳගෙනදැයි ප්‍රශ්න කර ඇති පාක්ෂිකයින් ප්‍රසන්න රණවීරට පවසා ඇත්තේ “ඔබේ මතය දරන අනෙක් අයගෙනුත් අප ඇසුවා කියා එය විමසා දැනගන්නා“ ලෙසයි.
“පොහොට්ටුවෙන් පඹයෙක් දාන්න. අපි වැඩ කරන්නම්. ඒත් රනිල්ට වැඩ කරන්න කියලා කියන්න මෙහෙම රැස්වීම් තියන්න එපා…” ඔවුන් එහිදී පවසා තිබෙනවා.

Both Prasanas are correct Ranil.W is the saviour of the nat
RW is the saviour of the nation in this hour of crisis both Prasannas are very correct