ලොක්කො රකින්න පොලිසියේ 11,205ක් යොදවලා

ශ්‍රී ලංකා පොලීසියට අනුයුක්ත නිලධාරීන් අතුරින් ප්‍රභූ ආරක්ෂක රාජකාරි සඳහා යොදවා ඇති මුළු නිලධාරීන් සංඛ්‍යාව 11,205ක් වනවා.


පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ‘ශ්‍රී ලංකා පොලීසිය වඩාත් කාර්යක්ෂම, මිත්‍රශීලී, ප්‍රශස්ත, ජනතා හිතවාදී, විවෘත හා වගකිව යුතු රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම සඳහා වූ ‘ වාර්තාවෙන් මේ බව අනාවරණය වී තිබෙනවා.

විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි විසින් පාර්ලිමේන්තුවට අදාළ වාර්තාව ඉදිරිපත් කර තිබුණා.

වාර්තා වූ තොරතුරු අනුව ප්‍රාදේශීය පොලිස් ස්ථාන මඟින් පොලිස් නිලධාරීන් 5,380ක්ද, ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය මඟින් පොලිස් නිලධාරීන් 4,484ක්ද, විශේෂ කාර්ය බලකා නිලධාරීන් 1,341ක්ද මෙලෙස ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා ඇති බව සඳහන්.

Author

Related Posts