මාතලේ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ මාස තුනහමාරක් වයසැති සිඟිත්තකුගේ මරණය සම්බන්ධයෙන් දරුවන්ගේ මවුපියන්ට සැකයක් මතුවි තිබෙන බවට වාර්තා වනවා.

රත්තොට, ක්ලෝඩා බටහිර, මැටිහක්ක ලිපිනයේ පදිංචි නිශාන්ති පතිරාජ මහත්මිය තම දෙවැනි දරුවා කිරි පිට උගුරේ යෑම හේතුවෙන් ඉකුත් 29 දින මාතලේ රෝහලට දරුවා රැගෙන ගිය අතර,එහිදී රෝහලේ 4වැනි වාට්ටුවට ඇතුළත් කර පැය කිහිපයකට පසු මහනුවර රෝහලට රැගෙන යන බව පවසා දරුවාට එන්නතක් ලබාදී තිබෙනවා.
විනාඩි කිහිපයකට පසු මව දරුවා දෙස බලන විට නිල් පැහැතිව ඉන්නා බව දැක විමසීමක් කර ඇති අතර එවිට වෛද්‍යවරුන් පවසා ඇත්තේ “ප්‍රතිකාර කළා, දැන් කරන්න දෙයක් නැහැ,” යනුවෙන්.
මෙහිදී දරුවාට සවි කර තිබූ මැෂින් ගැලවීමක්ද සිදු කළ බව නිශාන්ති පතිරාජ මහත්මිය පවසන අතර එහිදී මව වෛද්‍යවරයාට “මේ දරුවා දැන් හොඳට හිටියා…” කියා පවසා ඇති නමුත් ඉන් එහාට උත්තරයක් වෛද්‍යවරුන්ගෙන් නොලැබුණු බවයි.
මෙලෙස මාස තුනහමාරක් වයසැති අදීෂ තේජාන් අයෙෂ්මන්ත දරුවාගේ මරණය සම්බන්ධයෙන් මාතලේ රෝහලේ පැවති මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී දේහය මහනුවර රෝහලට සම්බන්ධ කර අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගන්නා ලෙස මරණ පරීක්ෂණය පැවැත්වූ මහෙස්ත්‍රාත්වරයා නියම කර තිබෙනවා.
මේ සිද්ධියෙන් තමන් දැඩි කම්නයට පත් වූ බවත්, මරණ පරීක්ෂණයේදී ප්‍රකාශයක් දුන් බවත් නිශාන්ති පතිරාජ මහත්මිය පැවසුවා.

කෙහෙියගේ බාල බෙහෙත් විශ වෙන්න ඇති