කලින් ජනාධිපතිවරණය බව රනිල් කැබිනෙට්ටුවට කියලා, ඡන්ද තීන්දු ගණනාවක් අරන්

මහමැතිවරණය නොව ජනාධිපතිවරණය ප්‍රථමයෙන් පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය වෙත දැනුම්දි තිබෙනවා.

ඊයේ(18) පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා විසින් මේ බව ප්‍රකාශ කර ඇති අතර ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වන බවත් ඉන් පසුව මහමැතිවරණය පවත්වන බව දැනුම් දි තිබුණා.

ජනපති විසින් මේ බව සඳහන් කළේ පවත්වන මැතිවරණය කුමක්ද යන්න අමාත්‍ය මණ්ඩලය විසින් විමසන අවස්ථාවේදීය.

මේ අතර කැබිනට් මණ්ඩල රැස්විමේදී අඩු ආදායම් ලාභි,ගොවි සහ සාමාන්‍ය ජනතාව වෙත සුබසාධනය ලබා දෙන යෝජනා ගණනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව මෙහිදී 2024 යල කන්නය සඳහා වී ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන අතර එක් ගොවියෙකුට වගා කරන උපරිම හෙක්ටයාර 2ක් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් වූ මුදලක් මූල්‍ය සහනාධාරයක් ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබාදීමට නියමිතයි.

එමෙන්ම අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස 2ක් සඳහා ලබාදීමට තීරණය කර තිබෙන අතරම උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර මිලියන 42ක් ආනයනය කිරීමට ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

තවද ග්‍රාමීය මට්ටමේ අතරමඟ නතර කර දැමු සංවර්ධන වැඩසටහන් නැවත ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය ප්‍රතිපාදන තවත් මිලියන 1,000කින් වැඩිකිරිමට ජනාධිපතිවරයා කළ යෝජනාවටද අනුමැතිය හිමිව තිබෙනවා.

Author

1 Comment

Comments are closed.

Related Posts